අධ්‍යාපන අමාත්‍යංශයේ ආගමික උපදේශක මණ්ඩල පත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ හින්දු ආගමික අධ්‍යාපන උපදේශක මණ්ඩලය සඳහා නව පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ(28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
පත්වීම් ප්‍රදානයෙන් අනතුරුව හින්දු ආගමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව මෙහි දී අමාත්‍යතුමිය සහ උපදේශක මණ්ඩලය අතර සාකච්ඡා කෙරිණි. මෙරට සියලු ආගම් වෙත සමාන ගෞරවයක් සහ පිළිගැනීමක් දරුවන් තුළ ඇති කිරීමෙහිලා විශාල වගකීමක් මෙම උපදේශක මණ්ඩල වෙත පැවරෙන බව අමාත්‍යතුමිය විසින් පෙන්වා දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමක්‍රිශ්න මිෂන් හී සභාපති අක්සරාත්මනන්ද ස්වාමිතුමා, චින්මායා මිෂන් සභාපති ගුණතිතානන්ද සරස්වතී ස්වාමිතුමා සහ හින්දු කුරුක්කල්වරුන්ගේ සංගමයේ සභාපති බාබු ෂර්මා කුරුක්කල් තුමා ඇතුළු හින්දු ආගමික පූජකවරුන් ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ කාර්ය සාධන සමාලෝචනය අතිරේක ලේකම් සුජාතා කුලෙන්ද්‍රකුමාර් මහත්මිය අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් සුභාෂිණී දෙමටගොඩ මහත්මිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධ වූහ