ජාතික ලුණු සමාගමට අනුබද්ධ අලිමංකඩ මේස ලුණු කර්මාන්ත ශාලාව අද ජනතා අයිතියට

ජාතික ලුණු සමාගමට අනුබද්ධ අලිමංකඩ මේස ලුණු කර්මාන්ත ශාලාව අද ජනතා අයිතියට
  • SocialShare:

ජාතික ලුණු සමාගමට අනුබද්ධව, අලිමංකඩ ලුණු ලේවාය ආශ්‍රිතව ආරම්භ කරන  මේස ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘතකරන බව  ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා පවසයි.

‘රජ ලුණු’ නමින් මෙම මේස ලුණු වෙළඳ සන්නාමය හැඳින්වෙන අතර  එම කර්මාන්ත ශාලාව මගින් ඉතා සහනදායි මිලට මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සෘජු හා වක්‍ර රැකියා රැසක් මෙම කර්මාන්ත ශාලාවෙන් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.