ජනතාවට උසස් රසවින්දනයක් සහිත දේ ලබාදීමට වගකිවයුතු බව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත් කිරීම ඊයේ(18) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැත් වූ අතර, එම අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව, සමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත.්
මෙම අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
අධ්‍යාපනය සහ සෞඛ්‍යට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1200ක් වෙන්වෙලා තිබෙනවා. මෙම මුදල එක් ආකායකින් රටේ නිෂ්පාදනයට සෘජුව දායක වෙනවා. තවත් ආකාරයකින් රටේ ජනතාවගේ බදු මුදල් පෙරලා බිමට එන්න සළස්වා තිබෙනවා.
මෙවර අය වැයේ දෙවැනි පරමාර්ථය තමයි බිමට මුදල් ඒමට සළස්වා තිබීම. ජනතාව අතේ මුදල් ගැවසෙද්දි ඔවුන්ට ලැබෙන ඉතිරි නිදහස් කාලය පොදු සංස්කෘති ක දියුණුව කෙරෙහි නැඹුරු කරවීම අපේ බලාපොරොත්තුවයි. පසුගිය මාස තුනේ අපි කටයුතු කරමින් සිටියේ සැළසුම දමාගැනීමේ පදනම සකස්කරන්න. ඒ වගේම සමහර විෂය පතයන් සැලසුම් කරන්න. එ් හැරුණු විට අලුත් වැඩ ආරම්භ කිරීමට මහාභාණ්ඩාගාරයේ මුදල් වෙන් වී තිබුන් නැහැ. නමුත් අපි අයවැය ඉදිරිපත් කරලා ඒ ඒ අමාත්‍යංශ වලට මුදල් වෙන් කළා.එම මුදල් වෙන්කළේ රට ගොඩනගන සැළැස්ම මත පදනම් වෙලා.
ආනයනික ටෙල් නාට්‍ය යම් ප්‍රමිතයකින් ජනතාවට ලබා දිය යුතුයි. උසස් රසවින්ඳනයක් සහිත දේ ජනතාවට ලබා දියයුතුයි.