යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ (NCGG) අධ්‍යක්ෂ ජනරාල් සහ ඉන්දීය දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය Surendrakumar Bagde, 2025 පෙබරවාරි 18 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. ශ්‍රී ලංකා පර්පාලන සේවයේ නිලධාරින් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් දියත් කිරීමට NCGG හි සහයෝගිතාව ලබාගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේදී මූලික වශයෙන් සාකච්ඡාවට ගැනිණ. මේ සඳහා NCGG සහ Sri Lanka Institute of Development Administration (SLIDA) අතර අවබෝධයතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීමද මෙහිදී සිදුකෙරිණ.
වඩාත් ඵලදායී, කාර්යක්‍ෂම සහ පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවා සැපයීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරින්ගේ වෘත්තීය හැකියාවන් ඉහළ නැංවීම කෙරෙහි මෙම රැස්වීමේදී අවධානය යොමු විය. යහපාලනය ශක්තිමත් කිරීම සහ මහජන විශ්වාසය ගොඩනැගීම සඳහා මනා පුහුණුවලත් නිපුණ රාජ්‍ය අංශයක වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය මෙහිදී අවධාරණය කළාය. රට තුළ පාලනයේ ගුණාත්මකභාවය සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා ව්‍යුහගත ධාරිතා සංවර්ධන වැඩසටහන් වල අවශ්‍යතාවය ඇය අවධාරණය කළාය. දත්ත සහ තොරතුරු මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය, පර්යේෂණ මත පදනම් වූ පාලනය, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ තාර්කික ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු පුහුණු වැඩසටහනේ ප්‍රධාන අවධානය යොමු කළ ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විකාශනය වන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා පුහුණු මොඩියුල සකස් කරන බව අවධාරණය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම වැඩසටහනේ අනුවර්තනය වීමේ හැකියාව අවධාරණය කළේය. රටේ පරිපාලන භූ දර්ශනයට අදාළ විශේෂිත මාතෘකා ඇතුළත් කිරීමේදී වැඩසටහනට නම්‍යශීලී බවක් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම හමුවට NCGG නියෝජනය කරමින් ආචාර්ය Ashutosh Pal Singh සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
එමෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය A.H.M.H අබයරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. අලහකෝන්, විදේශ කටයුතු අමාත්‍යංශයේ (දකුණු ආසියාව සහ සාර්ක් කලාප) අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, SLIDA හි වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. විමුක්ති ජනාදර, SLIDA හි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ඉගෙනුම් හා සංවර්ධන) අනූෂා බටවල ගමගේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (දකුණු ආසියානු කලාපය) එස්. ප්‍රශාන්ති ක්‍රිෂ්ණමූර්ති, SLIDA හි ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය මයුර අරන්දර යන මහත්ම මහත්මීන්ද මෙම හමුවට එක්ව සිටියහ.