වියට්නාම - ශ්‍රී ලංකා රාජ්‍යතන්ත්‍රික සබඳතා තර කෙරේ

වියට්නාම - ශ්‍රී ලංකා රාජ්‍යතන්ත්‍රික සබඳතා තර කෙරේ
  • SocialShare:

ශ්‍රී ලංකාව සහ වියට්නාමය වසර 55 කට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන තානාපති සබඳතා, ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගතයුතු බව වියට්නාම තානාපතිනී ට්‍රින් තයි ටැම් මැතිණිය අවධාරණය කරයි.

එතුමිය මෙම දහස් පළ කලේ පසුගියදා පැවති නිල සාකච්ඡාවකට එක්වෙමිනි. සභානායක ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සමග පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සභානායක කාර්යාලයේ දී පැවති මෙම සාකච්ඡාවට වියට්නාමයේ නියෝජ්‍ය තානාපති ලී වැන් හොන්ග් මැතිතුමා ද සහභාගී විය.
දෙරට අතර පවතින ද්වීපාර්ශවීය සබඳතා තවතවත් තර කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂය අතර තිබෙන දැඩි සබඳතාවය ඉවහල් වන බව පැවසූ තානාපතිවරිය, පසුගිය සතියේ පැවති 95 වන වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය පිහිටවීමේ සංවත්සරයට ජනතා විමුක්ති පෙරමුණේ සහභාගීත්වය අතිශයින් අගය කළාය.
ඉදිරියේදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන වශයෙන් ද රාජ්‍යතන්ත්‍රික වශයෙන් ද ආර්ථික සබඳතා වශයෙන්ද ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අපේක්ෂා කරන බව ද ඇය ප්‍රකාශ කළාය. එසේම ශ්‍රී ලංකාවට විද්‍යුත් වාහන ආනයනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ඉදිරියේදී විද්‍යුත් වාහන සම්බන්ධ වැඩසටහනක් ලංකාවේ සංවිධානය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ, වියට්නාමයට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා සලසා දීමට රජය ඉතාමත් කැමැත්තක් හා උනන්දුවක් දක්වන බවත්, ඒ වෙනුවෙන් විවෘත ආරාධනයක් කිරීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බවත් ය.
බිමල් රත්නායක අමාත්‍යවරයාගේ විෂයපථය සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධානය යොමු කළ වියට්නාම් තානාපතිනිය, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවය වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සිය අදහස් ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකාව හා වියට්නාම අතර ගුවන් සේවා වර්ධනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.