ජනපති අද යාපනයේ සංචාරයක

ජනපති අද යාපනයේ සංචාරයක
  • SocialShare:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතය.

යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පෙ.ව 10.30ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.

අනතුරුව අද (31) ප.ව 1.30ට යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේදී සහ ප.ව 3.30ට චාවකච්චේරි ප්‍රදේශයේ පැවැත්වෙන සුහද හමු දෙකකටද ජනාධිපතිවරයා එක් වනු ඇත.