ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුවට නව සමාජිකයන්

ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුවට නව සමාජිකයන්
  • SocialShare:
  •     ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටු සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු විජිත් මළල්ගොඩ මහතා
  •     ඖෂධ පිළිබඳ ජාතික උපදේශන කමිටු සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි මහතා

ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ මෙරට රජයේ රෝහල් පද්ධතියට අඛණ්ඩව සැපයීම මෙන් ම සාධාරණ මිල ගණන් යටතේ එම ඖෂධ විවෘත වෙළදපොළට ලබාදීමේ කටයුතුවලට මඟ පෙන්වීමේ ප්‍රමුඛ වගකීම ඉටුකිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සදහා නව සාමාජිකයින් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පියවර ගන්නා ලදි.

ඊට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුවිය.

2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුකූලව ජාතික උපදේශන කමිටුව පත්කරන ලද අතර, ඒ සඳහා සභාපතිවරයා ඇතුළුව සාමාජිකයින් 24 ක් පත් කර ඇත. මෙම කම්ටුවේ සභාපතිධූරයට මහාචාර්ය ලාල් ජයකොඩි මහතා පත් කර ඇති අතර ඒ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ද වේ.

සෙසු සාමාජිකයින් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් සී. වීරසිංහ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය ප්‍රදීපා ජයවර්ධන, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා,  ශ්‍රී ලංකා ඖෂධ සංගමයේ සහකාර කර්තෘ පාවුල් දේවරාජ්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් එම්.ඩී.ජේ.අ‌බේගුණවර්ධන, ශ්‍රී ලංකා රේගුවේ ඡ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ එම්.කේ.එස්.පී.ජයවර්ධන, සාමාන්‍ය වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ඉයුජින් කුරේ, ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය අයි.එල්. කපිල ජයරත්න, පාරිභෝගික කටයුතු අධිකාරියේ පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා, ශ්‍රී ලංකා තත්ත්ව සහතික ආයතනයේ අධ්‍යක්ෂ (රසායනාගාර සේවා) එස්.එච්.එස් මහගම, සෞඛ්‍ය අධ්‍යාපන උපදේශක තෙල්ගේ ශ්‍රීමාල් විජිත පීරිස්,  ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති නලින් කන්නංගර, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ප්‍රතාභන් මයිලයාගනන්, මහජනයා නියෝජනය කරමින් හිටපු මහාචාර්ය ලාල් ජයකොඩි, වෛද්‍ය සැපයුම් අංශයේ වැඩබලන උපදේශක සායනික ඖෂධවේදි වෛද්‍ය වී. සෝබනා, ලංකා වෛද්‍ය විද්‍යාලයේ සභාපති මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.කේ. දුල්වලගේ, ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය නිශ්ශංක ජයවර්ධන, මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය නියෝජනය කරමින් වෛද්‍ය අජිත් කුමාර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නීති අංශයේ නීති නිලධාරී චමින්දිකා හේරත් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

 

ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සදහා සාමාජිකයින් තිදෙනෙකු පත් කර ඇති අතර එහි සභාපතිධුරයට ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු විනිසුරු විජිත් මළල්ගොඩ මහතාත්, එහි කමිටු සාමාජිකයින් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ යන මහත්වරුන් පත් කර ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.