114 වැනි ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ශ්‍රී ලංකාව එක්වෙයි

114 වැනි ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ශ්‍රී ලංකාව එක්වෙයි
  • SocialShare:

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 114 වැනි වාර්ෂික ජාත්‍යන්තර කම්කරු සම්මේලනය අද (01) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙම සම්මේලනය සඳහා සහභාගී වන අතර, එය ජුනි 12 දක්වා පැවැත්වේ.
“සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින්, යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සම්මේලනයේදී ඩිජිටල් හා වේදිකා ආර්ථිකයේ යහපත් රැකියා, සේවා ස්ථානවල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, සමාජ සංවාදය සහ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුලු කරුණු පිළිබඳ අවධානය යොමු කෙරේ.
මෙම සම්මේලනය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් හා නව ප්‍රවණතා පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම සාධාරණ සේවා කොන්දේසි සහ සමාජ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කිරීමට ද අවස්ථාව සලසා දෙයි.