ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා විසින් විශ්‍රාමික තානාපතිනි ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ලෙස පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය, ආරක්ෂාව සහ අභිවෘද්ධිය සඳහා ව්‍යවස්ථාපිත රාමුව සපයන 2024 අංක 37 දරන කාන්තා බලගැන්වීමේ පනත යටතේ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී. එවැනි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හෝ ආසන්න උල්ලංඝනයන් විමර්ශනය කිරීම ඇතුළුව කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ බලතල, වගකීම් සහ කාර්යභාරයන් මෙම පනත මගින් නිර්වචනය කරයි.
2025 සැප්තැම්බර් මාසයේදී එහි විධිමත් සංස්ථාපනය සිදු වූ බැවින්, කොමිසම දැනට ක්‍රියාත්මකභාවයට පත්වීමේ ක්‍රියාවලියේ පවතී. එහි ආයතනික රාමුව, පරිපාලන හා ක්‍රියාපටිපාටි පද්ධති සංවර්ධනය කිරීම සහ ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය මානව සම්පත්, භෞතික හා ඩිජිටල් යටිතල පහසුකම් සහ මෙහෙයුම් මෙවලම් ස්ථාපිත කිරීම සඳහා එය ක්‍රියාශීලීව නිරත වේ.
සභාපතිනි ග්‍රේස් ආසිර්වාදම් මහත්මිය, නේපාලය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල තානාපතිනිය ලෙස සහ යුරෝපීය සංගමයේ දූත මණ්ඩල ප්‍රධානියා ලෙස සේවය කර ඇත. තවද ඇය රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලි ජාත්‍යන්තර සිවිල් සේවිකාවක් ලෙසත් සේවය කර ඇත.
ඇය සමඟ කොමිෂන් සභාවේ සාමාජිකයින් වන ශ්‍රීන් සරූර්, ජනහා සෙල්වරාස්, ජයන්ති කුරු-උතුම්පාල, වෛද්‍ය පද්මා ගුණරත්න, ආචාර්ය කලන සේනාරත්න, එම්.යූ. ගයනි යන මහත්ම මහත්මීන් මෙන්ම විධායක අධ්‍යක්ෂ කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මියද එක්වේ. ඔවුන්, වත්මන් මෙහෙයුම් අදියර හරහා කොමිෂන් සභාව සාමූහිකව මෙහෙයවමින් ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම් ප්‍රවර්ධනය සඳහා පූර්ණ මෙහෙයුම් සූදානම සහ එහි බලතල, වගකීම් සහ කාර්යභාරයන් ඵලදායී ලෙස ඉටු කිරීම සහතික කිරීමට කටයුතු කරනු ලබයි.


