මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද රටේ මුළු ආර්ථිකය ම සංවර්ධනයට, සුබසාධනයට යොදවන තැනට පත්කර තිබෙනවා

    නොවැම්බර් 24, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) අද යුද්ධයට මුදල් වෙන් නොකරන තත්ත්වය රටේ නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බවත් මුළු ආර්ථිකය ම යුද ආර්ථිකයක් තිබූ රටක් වන අතර අද වන විට මුළු ආර්ථිකය ම සංවර්ධනයට, සුබසාධනයට යොදවන තැනට අපේ රට පත්කර ගැනීමට හැකි වී තිබෙන බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමිනි.

    අද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 102, 237, 252, 280, 296, 323, 324 හා 329 වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

    විපක්ෂය සංවර්ධනයට විරුද්ධ නැති බව හර්ෂ ද සිල්වා මහතා දැන් කිව්වා. ඔය දර්ශනය තව අවුරුදු ගණනකට උඩ දී තිබුණා නම් හොඳයි. දැන්වත් වෙනස්වීම ගැන සතුටුයි. මුදල් අමාත්‍යාංශයේ කාර්යය වන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයයි. මූල්‍ය කළමනාකරණයේ දී න්‍යාය විතරක් ඉදිරිපත් කළොත් අසාර්ථකයි. ඒ සඳහා දේශපාලනය හා යථාර්ථයත් එක් කළ යුතු බව ද ඔහු කීය.

    අවුරුදු 30ක යුද්ධය නිසා රටේ ආර්ථිකය විනාශ වුණා. යුද්ධයක් පවතින විටෙක රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නිවැරදිව ඉටුකිරීම අපහසුයි. යුද්ධයක දී ආයුධ, යුද යානා, බෝම්බ මිල දී ගැනීමට මුදල් වෙන් කළ යුතුයි. අයවැය මඟින් යුද්ධයට විශාල කුට්ටියක් වෙන් කළා. නමුත් අද යුද්ධයට මුදල් වෙන් කරන්නේ නැහැ. ඒ තත්ත්වය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මහතායි. මුළු ආර්ථිකය ම යුද ආර්ථිකයක් තිබූ රටක්. අද වන විට මුළු ආර්ථිකය ම සංවර්ධනයට, සුබසාධනයට යොදවන තැනට අපගේ රට පත්කර ගැනීමට හැකි වී තිබෙනවා. අපගේ ආර්ථිකයේ පදනම වන්නේ මහින්ද චින්තනය, මහින්ද චින්තන ඉදිරි දැක්ම, මහින්ද චින්තන 2022 යන තේමාවන් යටතේයි. අපේ ආර්ථිකය තුළ කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන සැලසුම් තිබෙනවා.

    රටේ සුරක්ෂිතතාව, භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම, මානව සම්පත් සංවර්ධනය, සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය, ආදී සියල්ල ම අපේ ආර්ථිකය හා මූල්‍ය කළමනාකරණයට ඇතුළත් වෙනවා. අපේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය වෙලා. මාර්ග, පාලම්, අධිවේගී මාර්ග ඉදිවෙලා. අන් කවර ප්‍රදේශයකටත් වඩා උතුර අද සංවර්ධනය වෙලා ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ආර්ථිකයේ සංවර්ධනය සඳහා රාජ්‍ය අංශයත් දායක කර ගෙන තියෙනවා. ලෝක වෙළෙඳපොළත් සමග ගනුදෙනු කරන්නට අපට සිදුවෙනවා. රටක ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශය ම එකතු විය යුතුයි. අපි මුහුද ගොඩකර භූමියක් හදනවා. අපි මුහුද දෙනවා, ඒ ගොල්ලො ආයෝජනය කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම මහින්දෝදය විද්‍යාල 02ක් ලබා දී තියෙනවා. මේ පාසල්වල නව තාක්ෂණය උගන්වනවා. විවේචන ඇති නමුත් සංකල්පය වැදගත්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනයක් තියෙනවා. 2013 දී කෘෂි ක්ෂේත්‍රය 4.7%ක වර්ධනයක්. කර්මාන්ත ක්ෂේත්‍රය 9.4%ක් හා සේවා අංශයත් වර්ධනය වෙලා. මේ රටේ ජනතාව සුඛිත මුදිත කරන්න අවුරුදු 60 - 70ක් ඇතිවෙන්න සෞඛ්‍ය නංවන්න  මුදල් ‍වෙන් කර තියෙනවා. ළදරු මරණ අනුපාතය 1000කට 09යි. ජීවිත ආයු කාලය ඉහළ ගිහින්. සමාජ සුබසාධනය සඳහා මුදල් වෙන් කර තියෙනවා. දුප්පත්කම 1990 - 91 කාලයේ 26%ක්. අද එය 6.7% දක්වා අඩු වෙලා. අද ලක්ෂ 17ක් මිනිස්සු දුප්පත්කමේ රේඛාවෙන් ඉහළ ගිහින් තියෙනවා. ජානීය ජලය 90%කට ලබා දී අවසන්. රැකියා වියුක්තිය 2009දී 5.8%ක් වූ අතර අද එය 4.7% දක්වා අඩු වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya