පාර්ලිමේන්තුව අද(30) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතය.
2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් අද(30) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව ඇත. මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය අද ප.ව. 4.30 දක්වා පැවැත් වේ.
අනතුරුව ජූලි 8, 9 සහ 11 දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.


