පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස්වෙයි.

අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇත. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ආර්. සම්පන්දන්, අබේරත්න බණ්ඩාර හේරත් පිලපිටිය, ඩබ්.බී. ඒකනායක, ලකී ජයවර්ධන සහ මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් වෙනුවෙන් මෙලෙස ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.