සමස්ත සමාජයේම අලුත් පරිවර්තනයක් සඳහාවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විෂය නිර්දේශ වෙනස්කිරීම සඳහා පමණක් නොවිය යුතු බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි අතර, මේ මොහොතේ විවාදයට ගැනෙන යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවසීය.
මෙම අධ්‍යාපන ක්‍රමයත්, අධ්‍යාපන ක්‍රමය විසින් බිහි කර තිබෙන තරුණ පරම්පරාවත්, ඒ වගේම මෙම අධ්‍යාපන ක්‍රමය විසින් ඇති කර තිබෙන ආර්ථිකයත් පිළිබඳ අප කිසිවෙකුට සෑහීමකට පත් විය නොහැකි බව පෙන්වා දුන් ජනපතිවරයා ඒ නිසා අපට ඉතා පුළුල් අධ්‍යපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව සඳහන් කළේය. කිසිදු හේතුවක් මත කිසිදු දරුවෙකු 13 වසරක අනිවාර්ය අධ්‍යාපනය ලබා ගැනීමෙන් තොරව පාසල් හැර නොයා යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.


