මෙම වසරේ සංචාරකයින් මිලියන 03ක් ගෙන්වාගැනීමේ ඉලක්කයක්

මෙම වසරේ සංචාරකයින් මිලියන 03ක් ගෙන්වාගැනීමේ ඉලක්කයක්
  • SocialShare:

මෙම වසරේදී සංචාරකයින් මිලියන 03ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් , ජනවාරි සහ පෙබරවාරි මාස 02 තුළ පමණක් ලක්ෂ 05ක විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇතැයි , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අද(15) අයවැය කාරක සභා අවස්ථාවේදී , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 මේ දිනවල හත්දහත් අටදහත් අතර විදෙස් සංචාරකියින් ප්‍රමාණයක් දිනකට මෙරටට පැමිණෙන බවත්, ඔවුන් වෙනුවෙන් යටිතල පහසුකම් දියණු කිරීමේවැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇතැයිද කීය. සෘජුව සහ වක්‍රව සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සියලු පුද්ගලයන් නගා  සිටුවීම සඳහා විවිධ පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇතැයිද කීය.

සංචාරක කළමනාකරණ ආයතනය මෙතෙක් කල් ලබාදුනනේ ඩිප්ලෝමා පාඨමාලා පමණක් බවත් ඉදිරියේදී, විශ්ව විද්‍යාල කොමිෂන් සභාව සමග සාකච්ඡා සංචාරක ක්ෂේත්‍රය සඳහා උපාධි ලබාදීමේ වැඩසටහන් සම්බන්ධයෙන්ද සාකච්ඡා සිදුකරන බව අමාත්‍යවරයා පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.