මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙෂාවෝර් හි පාසලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකී

    දෙසැම්බර් 16, 2014

    අහිංසක දරුවන් 84ක් ඇතුළු 125කට අධික පිරිසක් මරණයට පත් කරමින් 100කට අධික පිරිසකට තුවාල සිදුකරමින් පකිස්තානයේ පෙෂාවෝර් හි පාසලකට අද (16) එල්ල වූ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකී.

    පාසල් ළමුන් ඉලක්ක කර නිර්ලජ්ජිත හා අමානුෂික අයුරින් සිදුකරන ලද මෙම නිවට ප්‍රහාරය අපරාධකරුවන්ගේ කෲරත්වය පිළිබිඹු කරයි. දශක තුනක් පුරා ත්‍රස්තවාදී උවදුර නිසා අපමණ දුක් විඳින ලද ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ දී පාකිස්තාන ජනතාවගේ අතිශය ශෝකී දුක, වේදනාව බෙදා ගැනීමට එක් වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     

    ශ්‍රී ලංකා රජය ද ජනතාව ද මෙම ඛේදවාචකය නිසා වියෝදුකින් පෙළෙන පවුල්වලට හෘදයාංගම ශෝකය පළ කරමින් මේ කනගාටුදායක අවස්ථාවට මුහුණ දීම ශක්තිය ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටී. ත්‍රස්තවාදය විනාශ කිරීමට පකිස්තාන රජය හා ජනතාව තුළ ඇති අධිෂ්ඨානය මේ සිදුවීම නිසා නිසැකවම තව තවත් ශක්තිමත් වනු ඇත.

     

    ත්‍රස්තාවාදී ක්‍රියාකාරකම් මැඬපැවැත්වීම සඳහාත් ගෝලීය සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමටත් ජාතයන්තර ප්‍රජාවගේ  සහයෝගය හා දැඩි කැපවීමක් අවශ්‍ය වේ. ත්‍රස්තවාදයට එරෙහිව පාකිස්තානය සිදුකරන සටන සාර්ථක කර ගැනීම සඳහා  පාකිස්තානය සමග සහෝදරත්වයෙන් නැඟී සිටින බව ශ්‍රී ලංකාව යළි යළිත් අවධාරණය කර සිටින බව ද එම නිවේදනයේ දැක් වේ.

     

    HC

    terrorist attack today at a school in Peshawar

    terrorist attack today at a school in Peshawar

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya