මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිඩ්නි අවන්හලේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනේ - තුවක්කුකරු ඇතුළු තිදෙනෙකු මරුට

    දෙසැම්බර් 16, 2014

    ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලින්ඩ්ට් අවන්හලේ (Lindt Chocolat Cafe) ප්‍රාණ ඇපයට සිටි අය බේරාගැනීම සඳහා පොලිසිය සිදුකළ මෙහෙයුමෙන් එහි ප්‍රාණඇපයට ගෙන සිටි 17 දෙනෙකු මුදා ගත් අතර එම සිද්ධියෙන් තිදෙනෙකු මරණයට පත් ව තිබෙන බව ඔස්ට්‍රේලියානු වාර්තා පවසයි.

    ඊයේ (15) උදෑසන 9.45 සිට ප්‍රාණ ඇපකරුවන් රඳවා ගෙන පැය 16කට පසු අද පෙරවරු 2.00ට පමණ පොලිස් නිලධාරීන් මේ අවන්හලට ඇතුළු වී ඇති සිදුකළ මුදාගැනීමේ මෙහෙයුමේ දී සිද්ධියට මුල් වූ තුවක්කුකරු ද මියගොස් තිබේ.

     

    ආපන ශාලාවට පොලිසිය ඇතුළුවීමත් සමග විශාල පිපිරීමක හඬ ඇසුන අතර ඒ සමඟ ම ප්‍රාණ ඇපකරුවන් ව සිටි පිරිස ආපන ශාලාවෙන් පිටතට දිව ගිය බව ද තුවක්කුකරු සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් ද ඇති වූ බව වාර්තා වී තිබේ.

     

    පනස් වැනි වියේ පසු වූ ඉරාන සරණාගතයෙක් වන මෑන් හැරන් මෝනිස් (Man Haron Monis) නමැති තුවක්කුකරු මේ සිදුවීමට පෙර ද ප්‍රචණ්ඩ ක්‍රියාවලට වරදකරුවකු වී දැනට ඇප මත නිදහස් වී සිටි අයෙකු බව පොලිසිය පවසා ඇත.

     

    ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමේ දී තුවාල ලද අධිනීතිඥවරියක වූ 38 හැවිරිදි කැත්රිනා ඩෝසන් (Katrina Dawson) හා 34 ලින්ඩ්ට් අවන්හලේ ගබඩා කළමනාකරු වූ ටෝරි ජොන්සන් (Tori Johnson) රෝහල්ගත කිරීමෙන් පසු ව මරණයට පත් ව තිබේ.

     

    HC

    Hostages flee after police raided the Lindt cafe

     

    Siege gunman Man Haron Monis

    ඉරාන සරණාගතයෙක් වන මෑන් හැරන් මෝනිස් (Man Haron Monis)

     

    Katrina Dawson killed in the Sydney siegeTori Johnson killed in the siege in Martin Place

    කැත්රිනා ඩෝසන් (Katrina Dawson)                          ටෝරි ජොන්සන් (Tori Johnson)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya