අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉබෝලා ආසාදිතයින් 10,000 ඉක්මවයි - WHO

    ඔක්තෝබර් 27, 2014

    ඉබෝලා ආසාදිත රෝගීන් ප්‍රමාණය 10,141ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඉන් ඉබෝලා රෝගීන් 4,922ක් මරණයට පත් ව ඇතැයි වාර්තා වේ.

     

    බටහිර අප්‍රිකාවේ ගිනියා, ලයිබීරියා සහ සියෙරා ලියෝන් යන රටවල ඉබෝලා වෛරසයේ පැතිරීමේ වේගය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර අනෙකුත් බටහිර අප්‍රිකානු රටවල් හා ස්පාඤ්ඤය සහ ඇමරිකාව යන රටවලින් ද ඉබෝලා තත්ත්ව වාර්තා වී ඇත.

     

    පසුගිය බ්‍රහස්පතින්දා (23) මාලි රටේ පළමු ඉබෝලා රෝගියා හමු වූ අතර එය බටහිර අප්‍රිකාවේ ඉබෝලා රෝගීන් වාර්තා වූ හය වැනි රට වේ. ගිනියාවේ සිට ඇමරිකාවේ නිව් යෝක් නගරයට පැමිණි වෛද්‍යවරයෙකුට ද ඉබෝලා රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

     

    මාලි යනු ගිනියාවේ සීමා මායිමේ පිහිටි රටක් වන අතර සිය මිත්තණිය සමඟ ගිනියාවේ සිට බසයෙන් මාලි වෙත පැමිණි අවුරුදු 2ක් වයසැති ගැහැණු දරුවෙකුට ඉබෝලා රෝගය වැළඳී ඇති බවට එරට වෛද්‍යවරුන් හදුනා ගෙන ඇති අතර ඇය පසුගිය සිකුරාදා (24) මිය ගොස් ඇතැයි වාර්තා වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya