අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක් දින තරග කාල සටහන

    ඔක්තෝබර් 27, 2014

    ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ එක් දින තරග 5 පැවැත්වෙන කාල සටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇත.

    ඔක්තෝබර් 28 වෙනිදා දිවයිනෙන් ඉන්දියාව බලා පිටත් ව යන ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය නොවැම්බර් 2  කටාක් හි බරාබාටී ක්‍රීඩාංගණයේ (Barabati Stadium, Cuttack) පැවැත්වේ.

     

    නොවැම්බර් 6 වෙනිදා අහමදාබාද්හි සර්දාර් පටේල් ක්‍රීඩාංගණයේ (Sardar Patel Stadium, Ahmadabad) දෙවන එක්දින තරගය පැවැත්වීමට නියමිතය.

     

    තෙවන එක්දින තරගය නොවැම්බර් 9 වෙනිදා හයිද්‍රාබාද්හිදී  (RGIS, Hyderabad) පැවැත්වෙන අතර සිවුවන එක්දින තරගය කොල්කටා හි ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

     

    දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය (5th ODI) රංචි හි ජේ.එස්.සී.ඒ. ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී (JSCA Intl Stadium, Ranchi) නොවැම්බර් 16 වෙනිදා පැවැත්වේ.

     

    තරග අතරතුර දෙරට අතර පුහුණ තරගයක් ඔක්තෝබර් 30 වෙනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

     

    ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය සංචාරය අවසන් කරමින් නොවැම්බර් 18 වෙනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya