මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටහිර ඉන්දීය කොදෙව් ඒ පිලේ ශ්‍රී ලංකා සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය

    ඔක්තෝබර් 28, 2014

    2014 බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු එක්දින තරග දෙක සඳහා ජාතික තේරීම් කමිටුව මඟින් තෝරා ගත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර ඇත.


    ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් හෙබි ශ්‍රී ලංකා සංචිතයට ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, තිලිණ කන්ඩම්බි, ජීවන් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, පී.එල්.ආර්. සඳකැන්, රමිත් රඹුක්වැල්ල, ෆර්වීස් මහාරූෆ්, සචිත් පතිරණ, නිසල තාරක, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු ඇතුළත් වේ.

     

    බටහිර ඉන්දීය කොදෙව් ඒ පිලේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු එක්දින තරගය නොවැම්බර් 01 රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවන එක්දින තරගය නොවැම්බර් 03 කුරුණෑගල දී පැවැත්වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya