අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපිට දැන් අවශ්‍ය විදෙස් ටෙස්ට් ජයග්‍රහණ – දිමුත් කරුණාරත්න

    මැයි 02, 2023

    අයර්ලන්තය සමග ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තද ශ්‍රී ලංකා පිල සහභාගීවන විදෙස් තරගාවලි ජය ගැනීම රටක් ලෙස ඉතා වැදගත් වනු ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සදහන් කළේය.

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවූ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 10කින් ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් කරුණාරත්න මේ බව පැවැසීය.

    " අයර්ලන්තයට එරෙහි තරගාවලිය හැම පැත්තකින්ම හොදයි. ලැබූ ජයග්‍රහණය සම්බන්ධව නායකයෙකු ලෙස සතුටු වෙනවා. නමුත් අප කණ්ඩායමක් ලෙස මෙයට වඩා යමක් කළ යුතුයි කියා සිතනවා. අයර්ලන්තය වගේ කණ්ඩායමක් නොවෙයි. ටෙස්ට් පිටියේ එයට වඩා හොද කණ්ඩායමක් ඉදිරියේ සාර්ථකවීම වැදගත්. විශේෂයෙන්ම විදෙස් රටවලදී පවත්වන ටෙස්ට් තරගවලදී ලබා ගන්නා ජයග්‍රහණ විශේෂයි. අප ඒ සදහා සූදානම් විය යුතු වෙනවා. විදෙස් රටකදී පැවැත්වෙන තරගවලදී ලොකු ලකුණු ප්‍රමාණයකින් ජය ගැනීමට අප සැලසුම් සකස්කර ගත යුතුයි." දිමුත් කරුණාරත්න පැවැසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya