අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වයට ගරු කළ යුතුයි - අවිදාස් කෞෂාල්

    අගෝස්තු 26, 2014
    අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත උපදෙස් සපයන විශේෂඥ මණ්ඩලයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පත්කරන ලද ඉන්දිය මානව හිමිකම් කි‍්‍රයාකාරී අවිදාස් කෞෂාල් මහතා ශ‍්‍රී ලංකාවේ දෙමළ ජාතික ගැටලුව නිරාකරණයේ දී ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වයට ගරුකරමින් එය විසඳිය යුතු බව ප‍්‍රකාශ කර තිබේ.
     
    දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරු පිරිසක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා හමුවීම සම්බන්ධයෙන් ඉන්දීය පුවත්පතක් වන නව ඉන්දීය එක්ස්ප‍්‍රස් පුවත්පත වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත.
     
    දැවෙන ගින්නට ඉන්ධන ලබාදීම අපි නොකළ යුතුයි. මේ අවස්ථාවේ වැඩිමහල් සහෝදරයෙකු වශයෙන් අප ක‍්‍රියාකළ යුතු බව පවසන කෞෂාල් ශ‍්‍රී ලංකාවේ මතයට ගරු කරමින් එය විසඳීම කළ යුතු බවත් අපේ අභිමතාර්ථයන්ට අනුව ක‍්‍රියා නොකළ යුතු බව ද පෙන්වා දෙයි.
     
    13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මෙතෙක් සිදු කළ දේ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය යුතු බව ද සඳහන් කරන කෞෂාල් මහතා මේ තුළින් ඉදිරියට යාමට ශ‍්‍රී ලංකා බලධාරීන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටිය යුතු බවද පෙන්වා දෙයි.
     
    ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉන්දියාවේ සිට පැමිණි බව දැන් අමතක කළ යුතු බව අවධාරණය කරන කෞෂාල් මහතා ඔවුන් ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් බව හොඳින් මතක තබාගත යුතු බවත් පවසයි.  එමෙන්ම ඔවුන් ශ‍්‍රී ලංකාවේ නීතියට ගරු කළ යුතු බවත් ඔවුන් උතුරට වෙන ම පොලිස් බලතල ඉල්ලීම නොකළ යුතු බව ද ඔහු අවධාරණය කරයි. 
     
    ඉන්දීය බෙදුම්වාදීන්ට ශ‍්‍රී ලංකාව කතා කළ හොත් එය කුමන ආකාරයකට අපිට දැනේවි දැයි ප‍්‍රශ්නකර සිටින අවිදාස් කෞෂාල් මහතා දෙමළ ජාතික සංන්ධානය හමු වී ඉන්දීය අගමැතිවරයා සාකච්ඡා කිරීමත් කාශ්මීර බෙදුම්වාදීන් සහ පාකිස්ථාන මහකොමසාරිස්වරයා අතර නවදිල්ලි පෙර හමුවට විරෝධය පෑමත් නිසා ඔහු පෙන්වා දෙන්නේ දෙරටම එකිනෙකාගේ ස්වෛරීත්වය අගය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.  
     
    DB/ priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya