අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පකිස්තානු දෙවන එක්දින තරගය අගොස්තු 26 හම්බන්තොටදී

    අගෝස්තු 24, 2014

    කොළඹ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අගෝස්තු 26 හම්බන්තොට, සූරිය වැව, මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇත.



    ඊයේ (23) කොළඹදී පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
     

    අගෝස්තු 27 දින පැවැත්වීමට නියමිත ව තිබූ මෙම තරගය කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ ක්‍රීඩාංගණයේ තණ නිල්ල නුසුදුසු බවට ජාතික ක්‍රිකට් පාලකයන්ගේ ඉල්ලීම මත මෙම තීරණය ගෙන තිබේ.


    පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාවත් සමඟ කොළඹ ක්‍රීඩාංගණයේ තණ නිල්ල තෙත්ව පැවතීම ක්‍රීඩා කිරීමට සුදුසු නොවන අතර ක්‍රීඩාංගණය යථා තත්වයට පත් වීමට නම් අවම දින 03ක්වත් හොඳින් හිරු එළිය තණ නිල්ලට පතිත වීම අත්‍යවශ්‍ය බවත් මෙහිදී පැහැදිලි කරන ලදී.

    මෙම තීරණයට ශ්‍රී ලංකා හා පකිස්තානු දෙපිළ එකඟ වී තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya