අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණ වෙනස්වීම් සහ සෞඛ්‍ය පිළිබඳ ලෝක සමුළුව අගෝසතු 27-29

    අගෝස්තු 24, 2014

    කාලගුණ වෙනස්වීම් සහ සෞඛ්‍ය පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ලෝක සමුළුව අගෝස්තු 27-29 ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධාන‍ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.



    ලොව පුරා වෙසෙන සෞඛ්‍ය, කාලගුණ හා ධරණීය සංවර්ධන ක්ෂේත්‍රයන්හි වෘත්තීමය විශේෂඥයන් මෙම සමුළුව නියෝජනය කරති.
     
     

    සෞඛ්‍ය හා ධරණීය සංවර්ධනය පිළිබඳ සාකච්ඡා පවත්වා ඒ මඟින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට බලය පැවරීම තුළින් කාලගුණ වෙනස් වීම්වලදී ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම, හරිතාගාර වායු පිටකිරීම අවම කිරීම සම්බන්ධව සෞඛ්‍ය ප්‍රතිලාභ හඳුනාගැනීම හා සෞඛ්‍යට සහය දක්වන කාලගුණ විපර්යාස නීති උත්පාදනය මෙම සමුළුවේ අරමුණු වේ.

     


    2008 වර්ෂයේ සිට WHO විසින් කාලගුණ විපර්යාස නිසා සෞඛ්‍යට සිදුවන බලපෑම් හා තර්ජන පිළිබඳ ලෝකය දැනුවත් කිරීමට මෙම සමුළුව පවත්වනු ලැබේ. විශේෂයෙන් මෙහිදී WHO විසින් කාලගුණ අවදානම් තත්ත්වවලින් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික මාර්ගෝපදේශනය, නියාමනය හා දැනුම ලබා දීමට ක්‍රියා කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya