අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොදෙව් පිල අවසන් පූර්ව වටයට

    අප්‍රේල් 02, 2014
    පාකිස්තානය ලකුණු 84කින් පරාජය කරමින් විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ (01) සමත් විය.
     
    ඊයේ මීර්පූර් හි පැවැති තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල කඩුලු 6කට ලකුණු 166ක් රැස්කළ අතර පිළිතුරු ලෙස පාකිස්තානයට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 82ක් පමණි.
     
    පාකිස්තානය සමඟ පැවැති තරගය ලකුණු 84කින් ජය ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ විස්සයි 20 ලෝක කුසලාන පළමු අවසන් පූර්ව තරගයට මුහුණ දීමට සුදුසුකම් ලැබීය. 
     
    ඒ අනුව ශ්‍රී ලංකා පිල හා කොදෙව් පිල අතර අවසන් පූර්ව තරගය හෙට (03) මීර්පූර්හි දී ප‍.ව. 6.30ට පැවැත්වේ.
     
    ඉන්දියාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරගය අනිද්දා (04) පැවැත්වෙන අතර දෙවන අවසන් පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට තරගයේ ජයග‍්‍රාහකයන් සමඟ අවසන් මහා තරගයට තරග කරනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya