අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම දෙවන වරටත් ආසියානු කිරුළ දිනති

    දෙසැම්බර් 17, 2018

    ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ ආසියානු කුසලානය දිනා ගැනීමට පසුගිය සිකුරාදා සමත් වූහ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු තුනක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් විය.

    මෙහිදී කැපී පෙනෙන අවස්ථාව වූයේ ශ්‍රී ලංකාවට පිට පිට දෙවන වරටත් මෙම ශූරකාව දිනා ගැනීමට හැකි වීමයි. මෙම තරගාවලිය ආසියානු ක්‍රිකට් කවුන්සිලය මගින් තෙවැනිවරට සංවිධානය කරන ලදි.

    නැගී එන ආසියානු ක්‍රිකට් තරග බිමේ ශ්‍රී ලංකා පිල පරාජය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. පසුගිය වසරේ බංගලාදේශයේ පැවැති දෙවැනි තරගයේදී පාකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත් අතර මින් පෙර පැවති ශූරතාවලි දෙකේදීම ඉන්දීය පිල හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වී තිබුණි.

    ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දෙමින් ලබා දුන් 270ක ඉලක්කය හඹා ගිය ඉන්දීය පිලට ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 267 ක් පමණි. මේ අනුව 271 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම මුල් කඩුලු 6 දී ලකුණු 127ක් තුළ බිද දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya