අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව ක්‍රිකට් තරඟාවලියක්

    අප්‍රේල් 07, 2018

    රාජ්‍ය ආයතන අතර සුහදතාවය හා සහජීවනය ඇතිකරලීම අරමුණුකර ගනිමින් අප්‍රේල් 06 දිනට යෙදී ඇති සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

    මෙම තරඟාවලිය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, හක්මණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට්
    කණ්ඩායම, කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, මුලටියන ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම, දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම හා මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම වශයෙන් කණ්ඩායම් අටක් තරඟාවලියට සහභාගි විය.

    තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරඟාවලිය මාතර දී පැවැත්වීමට ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය හා තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කටයුතු කළ බව ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන නිලධාරී එම්.පී. සමන්ත ලියනාරච්චි මහතා පවසයි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya