අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවසක් ලබාදීම ක්‍රීඩා දිවිය ශක්තිමත් කිරීමට උත්තේජනයක් - අමාත්‍ය සජිත්

    පෙබරවාරි 22, 2018
    මාතෘ භූමියේ නාමය ජාත්‍යන්තර තලයට ගෙනයමින් ලූෂන් පුෂ්පරාජ් මහතා කළ සේවයට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය නිවසක් ලබාදීම ක්‍රීඩා දිවිය ශක්තිමත් කිරීමට ලබාදෙන උත්තේජනයක් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ මහතා වෙත නව නිවසක් ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමිනි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ මාර්ගෝපදේශකත්වය තුළින් ඉදිරියට යන්නට පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතහිත දීමේ තවත් එක් දැවැන්ත පියවරක් ලෙස ලූෂන් මහතා වෙත මෙලෙස බස්නාහිර පළාත තුළින් රුපියල් ලක්ෂ 42ක් වටිනා නව නිවසක් ලබාදීමට කටයුතු කළ බවත් එය ඔහුගේ ඉදිරි ක්‍රීඩා දිවිය ශක්තිමත් කරගැනීමට උපකාරි වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya