අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් ශූරතාවලිය හෙට සිට

    නොවැම්බර් 13, 2017

    11 වන ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් ශුරතාවලියේ සමාරම්භක උත්සවය අද (13)  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය "ඊගල් ගෝල්ෆ් ලින්ක්ස්" ක්‍රීඩාංගනයේදී ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ත්‍රිවිඩ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

    මෙම තරගාවලිය හෙට (14) සිට ලබන 17 දා  දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

     

    මින් පෙර ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් තරගාවලි දහයක් පවත්වා ඇත. මෙය ශ‍්‍රී ලංකාව තුළ පවත්වන ප‍්‍රථම ලෝක ආරක්ෂක සේවා තරගාවලිය ද වේ.

     

    මෙම තරගාවලියේ ප‍්‍රධාන සංවිධායක ලෙස ආරක්ෂක සේවා මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කටයුතු කරන අතර,  උප ප‍්‍රධාන සංවිධායක ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එස්. කේ. පතිරණ  මහතා කටයුතු කරයි.

     

    ලෝක ආරක්ෂක සේවා ගෝල්ෆ් තරගාවලිය සඳහා දෙස් විදෙස් ක‍්‍රිඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වීමට ද නියමිතව ඇත.

     

    "ක‍්‍රීඩාව තුළින් මිත‍්‍රත්වය" යන්න තේමා පාඨය කරගනිමින් 1948 වර්ෂයේදී රටවල් පහක සහභාගීත්වයෙන් ලෝක ආරක්ෂක සේවා ක‍්‍රීඩා කවුන්සිලය ආරම්භ කර ඇත. මේ වනවිට සාමාජික රටවල් 136 කින් ද සමන්විත වේ.

     

    මෙම කවුන්සිලය මඟින් සංවිධානය කරනු ලබන ප‍්‍රධානතම අංගය වන ලෝක ආරක්ෂක සේවා ක‍්‍රීඩා උළෙල වසර හතරකට වරක් පවත්වනු ලබයි. ශ‍්‍රී ලංකා ආරක්ෂක සේවා ක‍්‍රීඩා මණ්ඩලය මෙහි ක‍්‍රියාකාරී සාමාජිකයකු  වශයෙන් කටයුතු කරනු අතර 1974 වර්ෂයේ සිට ශ‍්‍රී ලංකාව මෙහි සාමාජිකත්වය දරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya