අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා පැරෂුට් භටයන්ට රන් පදක්කම් 03ක්

    සැප්තැම්බර් 11, 2017
    එංගලන්ත පැරෂුට් සංගමය (British Army Parachute Association) විසින් 18 වන වරටත් සංවිධානය කරන ලද සන්නද්ධ හමුදා පැරෂුට් කරනම් ශුරතාවලියේ දී (18 th Armed Forces Parachute Championships in United Kingdom) ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් කරනම් ශුරයින් රන් පදක්කම් 3ක් දිනාගැනීමට සමත්ව ඇත.
     
    එංගලන්ත හමුදාවේ Red Devils පැරෂුට් භට කණ්ඩායම ද, රාජකීය නාවික හමුදාව සහ රාජකීය ගුවන් හමුදාව ද, විදේශ කණ්ඩායම් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ Golden Knights සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පැරෂුට් කණ්ඩායම ද ඇතුළු ව තරගකරුවන් 300කට අධික පිරිසක් මෙයට සහභාගී වි ඇත.
     
    ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් භටයන් මෙහිදී විවෘත තරඟ කාණ්ඩයේ රන් පදක්කම, Wingsuit Artistic (2 Way) Rookie (beginner) Category ඛාණ්ඩයේ සහ 2 Way Rotation and Team Award (Canopy Formation) කණ්ඩායම් ශුරතාවයත් හිමිකර ගැනීමට සමත්විය.
     
    කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 04 දෙනෙකු සමග 08 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා පැරෂුට් කණ්ඩායම සමන්විත වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya