අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් ක්‍රීඩා උළෙල ඇරඹේ

    අප්‍රේල් 03, 2017

    ජාතික තලයෙන් ජාත්‍යන්තරයට යන තේමාව යටතේ 80 වන පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නිල වශයෙන් ඊයේ (02) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් ආරම්භ කළේය.

    ඊයේ සහ අද දින පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල ජවන හා පිටියේ ක්‍රීඩා ඉසව් රාශියකින් සමන්විත වන අතර තරගාවලිය සඳහා සියලුම පොලිස් කොටඨාස නියෝජනය වන පරිදි ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් 3000කට අධික පිරිසක් සහභාගි වී සිටිති.

    ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ක්‍රීඩා තරග අතරින් විශේෂ අවධානයක් දිනා ඇති ප්‍රධාන ක්‍රීඩා උළෙලක් වන මෙම පොලිස් අන්තර් කොට්ඨාස මළල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා පොලිසියේ නවක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් හඳුනාගැනීමට හැකි ඉතා අනගි අවස්ථාවකි. මේ තුළින් දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරග නියෝජනය කිරීමේ අවස්ථා උදාවනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya