අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක පාසල් චෙස් ශූරියට විදේශ රැකියා අමාත්‍යවරියගෙන් ගුවන් ටිකට්පතක්

    දෙසැම්බර් 22, 2016
    16 වන ලෝක පාසල් චෙස් ශූරතාවලියේ දී ලෝකඩ පදක්කම දිනාගත් කොළඹ විශාඛා විද්‍යාලයේ නික්ලේෂා තරුෂි දැරියට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 14න් පහළ බටහිර ආසියාතික තරුණ චෙස් ශූරතාවලියට සහභාගිවීමට අවශ්‍ය ගුවන්ටිකට් පත සඳහා රු.40,000ක මුදලක් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් ලබාදෙන ලදී. 
     
    මෙම දැරියට මීට පෙරද රුසියාවේ පැවති 16 වන චෙස් ශූරතාවලියට සහභාගිවීමට ගුවන් ටිකට්පතට අවශ්‍ය මුදල කාර්යාංශය මඟින් ලබා දී ඇත. ඇයගේ පියා දකුණු කොරියාවේ සේවය කරමින් සිටියදී ආබාධිත තත්ත්වයට පත්වී රෝහල් ගතකර සිටී. 
     
    මෙම දියණිය මේ වන විට ලෝක චෙස් සම්මේලනයේ පිළිගත් මහද්වීපික මට්ටමේ චෙස් තරගාවලියක ඉහළම මට්ටමේ දක්‍ෂතාවලට පිදෙන Women’s grand master  තනතුරෙන් පිදුම් ලබා තිබේ. එම නාමය දරන ලොව දැනට සිටින ලාබාල ම ක්‍රීඩිකාව ඇය වන අතර, ඇය ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කරයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya