අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙවැනි තරගයේ ජය ඔස්ට්‍රේලියාවට

    අගෝස්තු 29, 2016
    ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (28) පැවැති තෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව වාර්තා කළ ලකුණු 226ක ඉලක්කය හඹාගිය ඔස්ට්‍රේලියාව කඩුලු 2ක ජයක් හිමිකර ගත්තේය.
     
    මේ ජයග්‍රහණයත් සමග දෙපිල අතර තරග පහකින් සමන්විත එක්දින තරගමාලාවේ 2 – 1කින් ඔස්ට්‍රේලියාව පෙරමුණට පිවිසියේය.
     
    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චන්දිමාල් පන්දු 130කදී ලකුණු 102ක් රැස් කළ අතර සිය අවසන් එක්දින තරගයේ ක්‍රීඩා කළ ඩිල්ශාන් ලකුණු 42ක් රැස් කළේය.
     
    ජයග්‍රාහී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජෝජ් බේලි ලකුණු 70ක් ද, මැතිව් වේඩ් ලකුණු 42ක් ද රැස් කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya