අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාව සැමවිටම ඒකීය, ස්ථාවර හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වෙනවා -ඉන්දීය අගමැති

    ජූලි 29, 2016

    ඩොලර් මිලියන 7.6ක ඉන්දියානු ආධාර ඇතිව ක්‍රියාත්මක වන හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවාවේ සමාරම්භක උත්සවය ඊයේ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අතර එම අවස්ථාවට නවීන තාක්ෂණය ඔස්සේ  සහභාගි වෙමින් මෙම ව්‍යාපෘතිය ඇගයීමට ලක් කළේය.


    ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ පණිවුඩය පහත සඳහන් පරිදි වේ.

    "ශ්‍රී ලංකාව තුළ මෙම හදිසි ගිලන්රථ සේවාව සමාරම්භ කරන මෙම අවස්ථාවේදී නැවතත් මා හටත් බිලියන 1.25 ක් වූ ඉන්දීය ජනතාවටත් තාක්‍ෂණය ඔස්සේ අපගේ ශ්‍රී ලාංකේය මිත්‍රවරුන් ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වෙනවා.
    නවීකරණය කරන ලද දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟින් ශ්‍රී ලාංකේය ජනතා අයිතියට පත් කළේ පසුගිය මාසයේදීයි.

    එදින අප ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අප දෙරට අතර පවතින සහයෝගීතාවයේ ප්‍රතිලාභ ලබාදුන් අතර අද දින ඇරඹෙන මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය මගින් මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත් කරාද ගෙන යනු ලබනවා. මෙම ගිලන් රථ සේවය සාර්ථකව දියත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දක්වන ලද නායකත්වය මම ඉතාමත් අගය කරනවා. මේ මගින් පිළිඹිබු වන්නේ අපගේ සමීප සහයෝගීතාවය පොදු මහජනතාවට ශක්තිමත් ප්‍රතිඵල ලබාදී ඇති ආකාරයයි. එසේම මෙමගින් ඉන්දියාවේ අත්දැකීම්, ශක්‍යතාවයන් හා විශිෂ්ට ක්‍රියාමාර්ගයන් අපගේ ශ්‍රී ලාංකේය මිතුරන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යොදාගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තවත් උදාහරණයක් සපයනවා.

    හිතවත් මිත්‍රවරුනි, ජීවිත සුරකින මෙම ව්‍යාපෘතිය ඉතාමත් වැදගත්, මෙම ගිලන් රථ සේවය හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ඔබ සතු හැකියාව ඉහළ නැංවීමට උපකාරී වෙනවා. සුවිසල් ඉලක්ක ළඟා කර ගැනීමට අරමුණු කරන මෙම ව්‍යාපෘතිය මගින් දකුණු හා බස්නාහිර පළාත් තුළ මිලියන 8කට වැඩි ජනතාවකට සෙත සලසනවා. එසේම, මා හට දැනුම් දුන් පරිදි මෙමගින් දේශීය ජනතාව සඳහා සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් ද ජනනය වෙනවා. එසේම මෙම සේවාව මගින් ශ්‍රී ලංකා රජය හා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පත් කළ හවුල්කාර සමාගම අතර තිබෙන රාජ්‍ය හා පෞද්ගලික අංශ සහයෝගීතාවයේ සාර්ථකත්වයද නිරූපණය වෙනවා.

    හිතවත් මිත්‍රවරුනි, අද දෙරටෙහි ජනතාව ශිෂ්ටාචාරයේ ශක්තිමත් හුයෙන් බැඳී සිටිනවා. අද වන විට ඉන්දියාවේ ශක්‍යතාවයන් හා ඔබගේ අවශ්‍යතාවයන් අතර පවතින සහයෝගීතාවය අප ජනතාවට සුබසිද්ධිය සලසනවා පමණක් නොව වැඩදායී කලාපීය සහයෝගීතාවයේ අපගේ ගමන්මගද පෙන්නුම් කරනවා.

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාව දක්වන සහයෝගීතාවය විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ඔස්සේ ශ්‍රී ලංකාව පුරාම පැතිරී පවතිනවා. නමුත් එය සිදුවිය යුත්තේ ඔබගේ අභිලාෂයන්ට අනුකූලවයි. අපගේ සහයෝගීතා ව්‍යාපෘතීන් ශ්‍රී ලාංකේය ජනතාවගේ හා රාජ්‍ය නායකත්වයේ තේරීම් හා ප්‍රමුඛතා මත පදනම්ව ඇත්තේ මේ නිසායි.

    මිත්‍රවරුනි, මෙම පණිවුඩය අවසාන කරමින් මම පෙරදීත් සඳහන් කළ දෙයක් නැවතත් ප්‍රකාශ කිරීමට කැමතියි. එනම් ඉන්දියාව සැමවිටම ඒකීය, ස්ථාවර හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වී සිටිනවා. අප දෙරට අතර සහයෝගීතාවයේ අරමුණ ද එයයි. එසේම මෙම හදිසි ගිලන් රථ සේවය මෙම මිත්‍රත්වයේ සුවිශේෂි උදාහරණයයි.

    මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් සුභ පතනවා.


    එසේම ශ්‍රී ලාංකේය ජනතාවට මාගේ සුභාශිංසන පරිනමන අතරම ආර්ථික සෞභාග්‍ය වෙත යන ගමනේදී මාගේ ශක්තිමත් සහයෝගීතාවය ද ලබාදෙන බව ද ප්‍රකාශ කිරීමට කැමතියි" යනුවෙන් ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    Prime Minister Media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya