අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් ක්‍රීඩා උළෙලේ ශූරතාව ගාල්ල දිස්ත්‍රික්කයට

    ජූලි 29, 2016
    දකුණේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය එළි දකින දකුණු පළාත් ක්‍රිඩා උලෙළ ඊයේ දින (28) දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා හා දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
    26 වන වරට පැවති මෙම ක්‍රීඩා උළෙලේ දී සමස්ත ලකුණු සටහනේ ලකුණු 1,145.5 ක් හිමි කර ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කය ශූරතාව දිනා ගත්තේය. ලකුණු 645.5 ක් ලැබු මාතර දිස්ත්‍රික්කයට අනු ශූරතාව හිමි විය.නව තරඟ වාර්තා නවයක් මෙහිදී පිහිටුවනු ලැබීය. 
     
    දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාතර දිස්ත්‍රික්කය නියෝජනය කල මංජුල කුමාර සම්මාන දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කළ ඩබ්ලිව්.කේ.එල්.ඒ.නිමාලි සම්මාන දිනා ගත්තාය.
     
    මේ අවස්ථාවට ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya