අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිලධාරීන් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස විදෙස් සංචාරයේ යා යුතු නැහැ - ක්‍රීඩා ඇමැති

    ජූලි 31, 2016

    ක්‍රීඩා තේරීම් කමිටුවල ගැටලු විසඳමින් සංගම්වල කටයුතු ක්‍රමානුකූලව පටන්ගන්නා ලෙස සියලුම  ක්‍රීඩා සංගම්වල සභාපතිවරුන් සහ නිලධාරීන් අමතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

    සියලුම ක්‍රීඩා සංගම් කැඳවා ඔවුන් සමඟ ඒ ඒ සංගම්වලට අදාළ ගිණුම් වාර්තා පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ  පසුගියදා පැවති අතර එහිදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.  

    විශේෂයෙන් විදේශ සංචාර යාමේදී සහ අනෙකුත් ව්‍යාපෘති කිරීමේදී එයට අවශ්‍ය මුදල් ඇස්තමේන්තු තමාට ඉක්මනින් ලැබෙන්න සලස්වන ලෙසත් විදෙස් සංචාර යන දිනයන් වලට දින  දෙක තුනකට කලින් නොදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

    එසේ ඇස්තමේන්තු ලබාදෙන විට ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍යවරයාට කාලය නැති බවද එසේ හදිසියේ කටයතු කිරීමෙන් බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ වගේම ක්‍රීඩා සංගම් සංචාරවලට යාමේදී නිලධාරීන් පුහුණුකරුවන් වශයෙන් නම් කොට සංචාරවලට නොයොදවන ලෙසට අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

    තවදුරටත්  අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ 2017 ජනවාරි වනවිට ක්‍රීඩා දින දර්ශනය තමන්ට ලැබීමට සලස්වන ලෙසය. ඒ වගේම ප්‍රථම වතාවට ක්‍රීඩා අමාත්‍යංශයට මෙසේ සංගම් නිලධාරීන් කැඳවා සාකච්ඡා කළ මොහොත බැවින් මෙවන් දිනයකටවත් ක්‍රීඩා සංගම් 53 ක් පවතින බවත් එහි සෑම සභාපතිවරයෙක්ම පැමිණීම කළයුතුව තිබුණා යැයි පැවසීය.

    ක්‍රීඩා සංගම් නියෝජිතයින් අමතමින්  එම අවස්ථාවට සහභාගී වූ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා  පවසා සිටියේ ජාතික සංගම් කෝප් කමිටුවෙන් කැඳවා තිබුණු බවත් ඉන්පසු අමාත්‍යවරයා තමන්ට කතාකොට සංගම් දැනුවත්කිරීමට කටයුතු කරන ලෙසට දැනුම් දුන් බවයි. 2011 වසරේ සිට සංගම්වලින් ගිණුම් වාර්තා ලබාදී නොමැති අතර ක්‍රීඩා සංගම්වල භාණ්ඩාගාරික තනතුරෙහි ගිණුම්කරණය හදාරා ඇති පළපුරුදු ගණකාධිකාරීවරුන් නැතිවීම මෙයට විශාල හේතුවක් බව විකනකාධිපතිවරයා වැඩිදුරටත්පවසා සිටියා. එමෙන්ම කට වචනයෙන් පවසනවාට වඩා ලිඛිතව ක්‍රමානුකූලව ගිණුම් වාර්තා ලබා දෙන ලෙසත් ක්‍රීඩා සංගම්වල නියෝජිතයන්ට පැවසුවා. වතුර පිපාසයට වඩා තොරතුරු පිපාසය වැඩි හෙයින් සංගම්වල  මුල්‍යමය කටයුතු පියවරෙන් පියවර හැකි ඉක්මනින් විගණකාධිපතිවරයාට යොමුකරන ලෙසත් ලැබෙන්න සලස්වන ලෙසත් ඒ කරුණු  සියල්ල තමා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ප්‍රචාරයට ලක්කරන බවත් පැවසීය. ක්‍රීඩා සංගම්වල මුදල් වාර්තා සම්බන්ධයෙන් කටයුතු කිරීමට තිබෙන වගකීම ක්‍රීඩා පනත යටතේ විගණකාධිපතිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය ලබාදී ඇති බවත් ඉදිරියට ගැටලු නොවන ලෙස සංගම්වල ගිණුම් වාර්තා ප්‍රමාද නොකර ලබාදීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් පවසා සිටියා.

    මෙම අවස්ථාවට  නියෝජ්‍ය කතානායක සහ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල,  උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ඩබ්. එම්. ආර්. බී. දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශ අධ්‍යක්‍ෂ ජනරාල්  එස්. ඊ. ආර්. ටී. එම්. එස් . පී. බණ්ඩාර, යන මහත්වරුන්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ක්‍රීඩා සංගම්වල නිලධාරීන්  සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya