මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් රග්බි ක්‍රීඩාවේ විනය ආරක්ෂා කිරීම සඳහා දැඩි තීරණ කිහිපයක්

    ජූනි 30, 2016

    පාසල් රග්බි ක්‍රීඩාව තුළ ක්‍රීඩකයින් විසින් විනය කඩකළ සිදුවීම් රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බවත් පාසල් රග්බි ක්‍රීඩාවේ විනය ආරක්ෂා කිරීම සඳහා දැඩි තීරණ කිහිපයක් ගත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    එමෙන්ම මෙවැනි සිදුවීම්වලට වෙනත් බාහිර පාර්ශවයන් ද මැදිහත්වන තත්ත්වයක් නිරීක්ෂණය වූ බව පෙන්වා දෙන අමාත්‍යාංශය එම අවස්ථාවන්වලදී පහරදීමේ, තුවාල සිදුකිරීමේ, දේපළ හානි කිරිමේ සිද්ධීන්ට අමතරව ගුරුවරුන්ට ද පහරදීම් සිදු කළ අයුරු දිගින් දිගටම මාධ්‍ය හරහා ද අනාවරණය  විය.

    ජය පරාජයන් සමසේ විඳ දරා ගත නොහැකි විනයක් හා හික්මීමක් නොමැති පාසල් ක්‍රීඩකයින්ගේ මෙම හැසිරීම්. පාසල් රග්බි ක්‍රීඩාව පමණක් නොව සමස්ත පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයටම දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මව්පියන්ගේත්, ගුරුවරුන්ගේත්, දරුවන්ගේත් ඉල්ලීම් මත මේ පිළිබඳ අවධානය යොමු කරමින් රග්බි ක්‍රීඩාව තුළ පසුගිය කාලයේ සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීම් පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කළ බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    පාසල් රග්බි ක්‍රීඩාවේත්. පාසල් දරුවන්ගේත් උන්තිය වෙනුවෙන් සහ ක්‍රීඩාවේ විනය ආරක්ෂා කිරිම වෙනුවෙන් එම කමිටුවේ නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහත සඳහන් දැඩි විනය පියවර ගැනීමට තීරණය කර ඇත.

    සත්කාරක මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය අතර 2016 ජුනි 18 දින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති අවුරුදු 20 න් පහළ තරගයේ දී මතුවූ කලහකාරී තත්ත්වය අනුව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අවුරුදු 20 න් පහළ රග්බි කණ්ඩායම 2016.07.01 දින සිට මාස 09 ක තරඟ තහනමකට ලක් කිරීමත්, වසර 02 ක පරිවාස කාලයකට යටත් කිරීමටත් තීරණය කර තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

    කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාට වසරක කාලයක් සඳහා එම පාසලේ ක්‍රීඩා කටයුතු තහනම් කිරීම සහ ක්‍රීඩා භාර ආචාර්යවරයාට තරයේ අවවාද කිරීම සිදු විය.  

    ප්‍රධාන රග්බි පුහුණුකරු වන රධික හෙට්ටිආරච්චි මහතාට එම විද්‍යාලයේ හෝ වෙනත් විද්‍යාලයක මින් ඉදිරියට  පුහුණු කටයුතු කිරීම තහනම් වී තිබේ.

    එසේ ම සහාය පුහුණුකරුට 2016.07.01 දින සිට මාස 06 ක ක්‍රීඩා පුහුණු කටයුතු තහනම් කිරීම සහ    මීට අමතරව පහත සඳහන් රග්බි ක්‍රීඩකයින් සඳහා ඔවුන්ගේ පාසල් කාලය තුළ පාසල් රග්බි ක්‍රීඩාව තහනම් කිරීම සිදු විය.

    එසේම පහත සඳහන් ක්‍රීඩකයින්ට වසරක කාලයක් සඳහා තරග තහනමකට ලක් කර තිබේ.


    1. අංක.07 එම්.පී. බණ්ඩාර (23733)

    2. අංක.05 සී.ඩී.බී. විෙජ්සිංහ (23264)

    3. අංක.04 ඊ.එම්.ඕ.පී. ඒකනායක (29448)

    4. අංක.20 ඩී.එම්.සී. ගයාශාන් (30077)

    5. අංක. 06 ඩී.එස්.ටී.ආර්. රත්නායක  (23324)

    6. අංක. 19 කේ.එස්.බී. දිසානායක (23389)

    7. අංක. 21 සී.එස්.එස්.අබරගම (29361)

    සත්කාරක මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ රාජකීය විද්‍යාල අතර බ්‍රැඩ්බි තරගාවලියේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සත්කාරක ත්‍රිත්ව විද්‍යාලයේ 20න් පහළ රග්බි කණ්ඩායම 2016.07.01 දින සිට මාස 06 ක තරඟ තහනමකට ලක් කිරීම සිදු විය.

    සත්කාරක කොළඹ කේරි විද්‍යාලය සහ පාදුක්ක සිරිපියරතන විද්‍යාලය අතර 2016.05.24 දින පැවැති තරඟයෙන් පසු ක්‍රීඩකයින් අතර ඇති වූ ගැටුම හේතුවෙන් සත්කාරක කේරි විද්‍යාලයේ වයස අවුරුදු 20 න් පහළ රගර් කණ්ඩායම මාස 06 ක තරඟ තහනමකට ලක් කිරීම, වසර දෙකක පරිවාස කාලයකට එම පාසල් කණ්ඩායම යටත් කිරීම.  කේරි විද්‍යාලය විසින් මෙම වසර සඳහා ලබාගත් ජයග්‍රහණ අත්හිටුවීම, එසේම කේරි විද්‍යාලයේ රගර් පුහුණුකරු වන ඩී. නිමල් මයාට තරයේ අවවාද කර 2016.07.01 දින සිට මාස 06 ක් එම විද්‍යාලයේ හෝ වෙනත් විද්‍යාලයක පුහුණුකරු ලෙස කටයුතු කිරීම තහනම් කර තිබෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya