අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ප්‍ර‍ථමවරට සැම්බෝ ජාත්‍යන්තර පදක්කම් ලබයි

    ජූනි 05, 2016

    ශ්‍රී ලංකාවේ සැම්බෝ සම්මේලනය නියෝජනය කරමින් පළමු වතාවට ආසියානු සැම්බෝ ශූරතාවලිය 2016 සදහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලෝකඩ පදක්කම් 06 ක් දිනාගැනීමට සමත් විය.

    මෙම තරගාවලිය තුරුක්මෙනිස්ටාන්හි (Turkmenistan) ඇස්කබාට් (Ashgabat) නගරයේ ඔලිම්පික් ගම්මානයේදී පසුගිය (26) දින සිට 30 වන දින දක්වා පැවැත්විණි.

     


    මෙම තරගාවලිය නියෝජනය කළ රටවල් 17 ක් අතරින් පහත සදහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

     

      නම බර පන්තිය
    01 එම්.පී.ජී.ඩිලානි මිය 48kg
    02 ඩිනුෂිකා ප්‍රියදර්ශනී මිය 52kg
    03 දිනේෂා මල්කාන්ති මිය 60kg
    04 නර්මදා සදමාලි මිය 68kg
    05 ඩබ්.ටී.ආර්.ප්‍රණාන්දු මයා 78kg
    06 හිලරි රොද්‍රිගෝ මයා 74kg

     

    ආසියානු  සැම්බෝ  ශූරතාවේ  ක්‍රීඩා කළ  ක්‍රීඩක  ක්‍රීඩිකාවන්  කොළඹ  තරුණ  ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයින්  වන  අතර  මෙම   පදක්කම්  ලබා  ගැනීමට  විශේෂ  පිටුවහලක්  වුයේ  කොළඹ YMCA ආයතනයෙන්  ලැබුණු   පහසුකම්  සහ  සහයෝගය  නිසා  බව ශ්‍රී   ලංකා  සැම්බෝ  සම්මේලනයේ සභාපති කිත්සිරි ද සොයිසා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya