අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූඩෝ සංගමයේ අක්‍රමිකතා සෙවීමට පරීක්ෂණ මණ්ඩලයක් පත් කරයි

    ජූනි 03, 2016

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ අක්‍රමිකතා හා මුදල් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ මණ්ඩලයක්  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ. ඩී. එස් . රුවන්චන්ද්‍ර මහතා විසින්  පසුගිය 23 වෙනි දින සිට  පත් කර ඇත.

     

    එම සංගමයේ සභාපති ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාද   හිටපු පොලිස් අධිකාරි එන්. ඩී. කුමාරතුංග මහතා සාමාජිකයෙක් ලෙස ද පත්කර තිබේ.

     

    ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ ඉදිරියට මුදල් අක්‍රමිකතා සහ අවභාවිතයන් මැඩලමින්  පරිපාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමත්  ඒ පිළිබඳ සංගමය තුළ මනා පරීක්ෂණයකින් කටයුතු කරගෙන යාමත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම පරීක්ෂණ මණ්ඩලයෙන් අපේක්ෂා කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya