අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුර්යය මංගල්‍යය ජාතික අවුරුදු උළෙලේ රුපියල් මිලියනයකට අධික මුදල් ත්‍යාග

    අප්‍රේල් 04, 2016

    සුර්යය මංගල්‍යය ජාතික අවුරුදු උළෙලේ පාපැදි තරඟ ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික ත්‍යාග මුදල් පිරිනමන බව තරඟ සංවිධාන කමිටුවේ සභාපති සුනිල් ගුණවර්ධන මහතා පවසයි.

     ස්ටෑන්ඩඩ් වර්ගයේ පාපැදි පමණක් තරඟ කළ හැකි මෙහි පිරිමි තරඟය කි.මී.80 ක දුරකින් යුක්ත වන අතර පිරිමි තරඟයේ ජයග්‍ර‍කයාට රැපියල් ලක්ෂ 02 ක ත්‍යාග මුදලක්ද  දෙවන ස්ථානය සඳහා රු.ලක්ෂ 11/2 ක් ද, තෙවැනි ස්ථානයට ලක්ෂයක්ද, සිව්වැන්නාට 50000 , පස්වන ස්ථානයට රු 30000/-ක්ද, 05සිට 10 වැනි ස්ථානය දක්වා  රු.25000/- බැගින්ද ,10 සිට 15 ස්ථානය දක්වා රු 10000/- බැගින්ද ත්‍යාග මුදල් ලබා දෙන බව තරඟ සංවිධාන කමිටුවේ සභාපති සුනිල් ගුණවර්ධන මහතා පවසයි.

     

    කි.මී. 20 ක දුරකින් යුත් කාන්තා තරගයේ ජයග්‍රාහිකාවට රුපියල් ලක්ෂයක්ද , දෙවැනි ස්ථානයට රු.75000/-ක්ද ,තෙවැන්නියට රු.50000 ක්ද, සිව්වැන්නියට රු.10000/- ක්ද 05 වැනි ස්ථානයට රු.7500/- ක්ද එතැන් සිට 20 වැනි ස්ථානය දක්වා ත්‍යාග මුදල් ද පිරිනමන බව සඳහන් කරන ගුණවර්ධන මහතා,  මෙම තරඟයට සහභාගී වීමට කැමැති තරඟකරුවන් හා තරඟකාරියන් තම නම, ලිපිනය, වයස, ජාතික හැඳුණුම්පත් අංකය, දුරකථන අංකය, හා තමන් ලබා ඇති ජයග්‍රහණ පිළිබඳ කෙටි විස්තරයක්ද තම අස්සන සහිතව සකසන ලද අයදුම්පත්‍රයක් ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හඟුරන්කෙත යන ලිපිනයට ඉක්මනින් යොමු කරන ලෙස ඉල්ලා සිටීයි.සුර්යය මංගල්‍යය ජාතික අවුරුදු උළෙළ අප්‍රේල් 12 දා  හඟුරන්කෙත දී පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya