අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලය පත් වෙයි

    අප්‍රේල් 01, 2016

    රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ 2016/2017 නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය සඳහා නාම යෝජනා විවෘත කිරීම පසුගිය මාර්තු මස 08 වන දින ප.ව.2.00 ට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී සිදු කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

     අදාළ නාම යෝජනා වලට අනුව නිතරගයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය පහත පරිදි වේ.

    සභාපති තනතුර සඳහා අසංග චන්දන සෙනෙවිරත්න මහතා , උප සභාපති ලෙස ලසිත වාසුන්දර ද සොයිසා මහතා,  ලේකම් ලෙස එම්. එච්. එන්. මොහොමඩ් මහතා,  භාණ්ඩාගාරික ලෙස අබ්දුල් හසාම් මොහොමඩ් රියාස් මහතා, තේරී පත් වූහ.

     විධායක කමිටු සාමාජිකයන් ලෙස අහමඩ් ඉෆ්තිකාර් අබ්දුල් වහීඩ් මහතා, ෆසාල් මොහොමඩ් මහතා, රොෂාන් දමියන් ඩීන් මහතා, ඩිමිත්‍රි ජූඩ් පිල්ලේ මහතා, ආර්.ඒ. සුනිල් රණසිංහ මහතා, තුවාන් ෂාරුක් ඩොලී මහතා, ඊ. ඒ. ශම්රත් ප්‍රනාන්දු මහතා ද තේරී පත් වී ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya