අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායමේ 2016 නිල මූල්‍ය සහකරු ලෙස කැන්රිච් ෂිනෑන්ස් පත් වේ.

    අප්‍රේල් 07, 2016
    ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායමේ 2016 වසර සඳහා නිල මූල්‍ය සහකරු ලෙස ක්‍රියා කිරීමට දිවයිනේ ප්‍රකට මූල්‍ය සමාගමක් වන සී/ස කැන්රිච් ෂිනෑන්ස්  (පුද්) සමාගම එකඟ වී තිබේ.
    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව ගම් මට්ටමෙන් මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් නගා සිටුවීමේ වැඩ පිළිවෙළ ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයට පවරා දී තිබෙන අතර එම සම්මේලනය මගින් මේ වන විට 2016 වසර ඉලක්ක කොට විශේෂ වැඩ පිළිවෙලක් හඳුන්වා දී තිබේ.
     
    ඒ අනුව දේශීය තරගාවලි 8ක් හා විදේශීය තරගාවලි 5ක් මෙම වසර ඉදිරි මාස 9 තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    එහිදි ඉදිරි මාස 09 කාලය තුළ තරග අවශ්‍යතා අනුව සී/ස කැන්රිච් ෂිනෑන්ස් පුද්ගලික සමාගම නිල මූල්‍ය සහකරු ලෙස ක්‍රියා කරන අතර ඊට අදාළ අනුග්‍රාහක චෙක්පත ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත පසුගියදා භාර දෙනු ලැබීය.
     
    එම අවස්ථාවට ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති චන්ද්‍රපාල ලියනගේ මහතා, ප්‍රධාන ලේකම් කුමාර කුමානායක, භාණ්ඩාගාරික ධම්මික බණ්ඩාර, මාධ්‍ය අධ්‍යක්ෂ නිමල් වීරතුංග, ඉසව් කළමණාකාර සුදත් අමරසිංහ,රසික පෙරේරා,හරිත් වලිසිංහ මහත්වරු මෙන්ම කැන්රිච් ෂිනෑන්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සමාන්‍යාධිකාරි එරන්ද අමල් ගොඩගේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගි විය.
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya