අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ඇමති මාතර ක්‍රීඩා සංගම් නියෝජිතයින් හමුවේ

    මාර්තු 31, 2016
    මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් නියෝජිතයින් හා  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතර  හමුවක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
    ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දිවයින පුරා විසිරී සිටින සියලුම ක්‍රීඩා සංගම්වල නියෝජිතයින් හමුවී ඔවුන්ගේ අදහස් හා ගැටළු විමසීමට තීරණය කොට තිබේ. ඒ අනුව මෙම හමුව පැවැත්විණි.
     
    මෙහි දී ක්‍රීඩා සංගම් පනස් හයක් පිළිබඳව විමසීම් කරන ලදී.  ඇතැම් ක්‍රීඩාවන් සඳහා මාතර දිස්ත්‍රික්කයේ සංගම් පිහිටුවා නැති අතර සංගම් පිහිටුවා නොමැති ක්‍රීඩා සඳහා කඩිනමින් සංගම් පිහිටුවීමටත් දැනට මාතර නොමැති ක්‍රීඩාවන් කඩිනමින් හඳුන්වාදීමටත් කටයුතු කරන ලෙස දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරීන්ට හා ක්‍රීඩා නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.
     
    ක්‍රීඩා සංගම් ප්‍රතිසංවිධානය කර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් හා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සියලු ම ක්‍රීඩාවන් වෙනුවෙන් සංගම් පිහිටුවිය යුතු බව ද එමෙන්ම පොලිසිය, හමුදාව, හය ශ්‍රේණියෙන් ඉහළ පාසල් ළමුන් වෙනුවෙන් හා පෞද්ගලික ආයතන වල ද ක්‍රීඩා සංගම් ඇති කළ යුතු බව ද ඇමතිවරයා පැවසී ය.
     
    පළාත් සභා හෝ මධ්‍යම රජයේ කියා ක්‍රීඩා නිලධාරීන් අතර පවතින බෙදීම් නැති කර සියලු දෙනාම එක් මතයකට විත් ක්‍රීඩාව දියුණු කිරීමට ක්‍රියා කළ යුතු බව ද අවධාරණය කෙරිණි.
     
    මාතර - කොටවිල ඉදිකෙරෙමින් පවතින ක්‍රීඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීම සඳහා ද ඇමතිවරයා එක් විය.
     
    මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ , දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ , දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන පසඳ යාපා අබේවර්ධන හා ගයාන් සංජීව යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ක්‍රීඩා නිලධාරීන් සහ ක්‍රීඩා සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya