අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර රුහුණු මහා නිල් සටන ජය පැරදුමෙන් තොරව අවසන්

    අප්‍රේල් 01, 2016
    මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර වාර්ෂිකව පවත්වනු ලබන “රුහුණු මහා නිල් සටන“ ක්‍රිකට් තරඟාවලිය එකසිය දහසය වන වරටත් පසුගියදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
    තෙදිනක් පුරා පැවති මෙම මහා ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය. 
     
    තරඟයේ කාසියේ වාසිය දිනාගත්තේ සාන්ත සර්වේශස් කණ්ඩායමයි. ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව සාන්ත තෝමස් පිලට ලබාදුන් අතර තොමසුවන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 230 කි.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සර්වේශස් ක්‍රීඩකයින් පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 254 ක් රැස්කර ගැනීමට සමත් විය.
     
    තරඟය ජයග්‍රහණය කිරීම සඳහා සර්වේශස් ක්‍රීඩකයින්ට ඕවර 25 දී ලකුණු 195 ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් සියල්ලන් දැවීයාම හෝ ඉලක්කය සපුරා ගැනීම හෝ සිදු නොවූ නමුත් තරඟයේ තෙවැනි දිනය නිමාවට පත් වීම නිසා තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya