අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ තොරතුරු ලබා ගන්න

    මාර්තු 15, 2016

    ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට පවත්වනු ලබන “ජනාධිපති ක්‍රීඩා සම්මාන - 2015“ උළෙල  ලබන මැයි 13 වැනි දින  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සම්භාවනීය සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

    ජනාධිපති ක්‍රීඩා සම්මාන පිළිබඳ සවිස්තරාත්මකව තොරතුරු www.presidentialsportsawards.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

    ජනප්‍රිය ක්‍රීඩකයා සහ ජනප්‍රිය ක්‍රීඩිකාව, ජනප්‍රිය කණිෂ්ඨ ක්‍රීඩකයා සහ ජනප්‍රිය කණිෂ්ඨ ක්‍රීඩාව සඳහා ඡන්දය භාවිතා කළ හැකි ඡන්ද පත්‍රිකාවද ක්‍රීඩක විශ්‍රාම සහ ක්‍රීඩකයන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා මාපිය කැපකරු ක්‍රමය සඳහා දායකවීමට අවශ්‍ය පෝරමය ද නිලවෙබ් අඩවියෙන් ලබා ගත හැක.

    ජනධිපති ක්‍රීඩා සම්මාන සඳහා විස්තර පත්‍රිකා සහ නාමයෝජනාපත්‍ර කොළඹ 07, පිළිප් ගුණවර්ධන මාවතේ අංක 09 දරණ ස්ථානයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පැමිණ ලබා ගත හැකි අතර, මුද්දර ඇලවූ තමන්ගේ ලිපිනය ලියූ ලියුම් කවරයක් බහා එවීමෙන් තොරතුරු ලබා ගත හැකිය.
    ජනාධිපති ක්‍රීඩා සම්මාන - 2015 පිළිබඳ තොරතුරු පහත සඳහන් දුරකථන අංකවලින්ද විමසීම් සිදු කළ හැකි බව ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    විමසීම:  

    සභාපති :(e mail ) chairman.psa2015@gmail .com

    ටී.එම්.පී කුමාරිහාමි මිය                     -  0718123516

    ලෝචන කොට්ටහේවා මයා               -  0779526367

    ප්‍රදීපිකා බණ්ඩාර මෙනවිය                  -  ( 011) 2680172

    දිලීප් ජයකොඩි                                 -  (011)2697934 (දිගුව4335)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya