අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකේය තරුණ නියෝජිත හමුවක් බීජිං ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී

    මාර්තු 11, 2016

    චීනයේ පස් දින සංචාරයක නියැලෙන ශ්‍රී ලංකේය තරුණ නියෝජිතයින් සියදෙනෙකු ඊයේ (10) බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණියහ. මේ අය  තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය, කුඩා ව්‍යාපාර අංශය යනාදිය නියෝජනය කරමින් මෙම සංචාරයට එක්ව සිටියහ.


    එහිදී ඔවුන්  ශ්‍රී ලංකා තානාපති ආචාර්යය කරුණාසේන කොඩිතුවක්කු මහතා ඇතුළු කාර්යය මණ්ඩලය මගින් උණුසුම් ලෙස පිළිගැණුනි.

    මෙම අවස්ථාවට එක් වූ චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ අපේ රටේ අයිතිය අපේ රටේ ස්වාධිපත්‍ය පිළිබඳව සංකේතයක් ලෙස රටක තානාපති කාර්යාලයක් පවතින බවයි. එය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මුතීන් මත ඇති කර ගත් දෙයකි. එහිදී තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඒ නිසා මේ පැමිණ සිටින සියලු ම දෙනාට තමාගේ රටට ගියා වැනි හැගීමක් තානාපති කාර්යාලයට පැමිණීමෙන් ඇති කර ගත හැකි වන බවයි. තවදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා පැවසුවේ මේ වන විට චීනය ලබා ඇති සංවර්ධනයේ උසස් බව සියැසින් දැකීමට මෙම අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බවයි.

    එහිදී තවදුරටත් අදහස් දැක් වූ තානාපතිවරයා පැවසුවේ අද ලෝකයේ දෙවැනි ලොකුම ආර්ථිකය චීනයේ පවතින බවයි. චීනය පාලනය සිදු කෙරෙනුයේ චීනයේ කොමිනිස්ට් පක්ෂය මගිනි. 1949 ඒ ඇති වුණ විප්ලවයෙන් පසු කොමිනිස්ට් පක්ෂය මගින් චීනයේ සියලු ම කටයුතු සිදු කෙරේ. මෙහි රජයේ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ ඇති අතර, ඒ හා සමාන්තරව සෑම ආයතනයක ම කොමිනිස්ට් පක්ෂයත් කටයුතු සිදු කෙරෙන බව තනාපතිවරයා පෙන්වා දුන්නේය. මේ නිසා ඉතාමත් විදිමත් ලෙසින් විනයක් ඇතිව මේ රට පාලනය කරන බව තානාපතිවරයා තවදුරටත් පැවසීය. තවදුරටත් තානාපතිවරයා පැවසුවේ 1978, 1979 අතර කාලයේ  සිට කොමිනිස්ට් ආර්ථික ක්‍රමයෙන් මේ අය විශේෂ සමාජ වාණිජ ආර්ථිකයක ප්‍රතිපත්තිකට  මාරු වී අද මේ වන විට ආර්ථික වශයෙන් විශාල ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. අපි වෙළෙඳපොළ ආර්ථිකය ආරම්භ කළේ 1977දී. වරෙක හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය චීනයට පැමිණ කළ කතාවක ඇය පවසනවා. 1978, 1979 කාලයේදී චීනයේ සිටි ජනාධිපතිවරයෙක් ලංකාවට ගොස් ලංකාවේ විවෘත ආර්ථිකය හඳුන්වා දීම ගැන, ඒ වගේ ම මහ කොළඹ ආර්ථික කොමිසම පිළිබඳව සහ එහි කටයුතු පිළිබඳව අධ්‍යනය කර ඇති බව. මෙහි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට ප්‍රථම ව අපි කලින් මෙය ආරම්භ කළත් අද අපි සිටින තැනයි චීනය සිටින තැනයි අතර විශාල වෙනසක් තියෙනවා. අද මා දකින හේතු දෙකක් පවතිනවා අපට ඉදිරියට යාමට නොහැකිවීමට.

     

    එකක අපේ රටේ අවාසනාවට ඇති වුණ ජනවාර්ගික යුද්ධය නිසා විදේශ ආයෝජකයින් පැමිණියේ නෑ. අනෙක් දේ අපේ රටේ ආණ්ඩුවල තිබුණ ප්‍රතිපත්ති වලට විශේෂයෙන් ම 1977 ආරම්භ වූ වෙළඳපොළ ආර්ථිකයට සහයෝගය පොදුවේ දේශපානයෙන් නොලැබීම. මේ නිසා අපට එක ආර්ථික ප්‍රතිපත්තියක ගමන් කිරීමට නොහැකි විය. ආර්ථික වශයෙන් තිබුණ ගැටුම්කාරී තත්ත්වයත්, ජනවාර්ගික ප්‍රශ්නයත් නිසා අපට පසුව ආරම්භ කළ රටවල් ඉදිරියට යද්දී අපි ආපසු හැරී තිබෙනවා. රටක ආර්ථිකය සංවර්ධනය කරන විට අපි දේශපාලන වශයෙන් එයට ප්‍රතිවිරුද්දව කටයුතු නොකළ යුතු වෙනවා. අද අපේ වාසනවාට අපි සතුටු විය යුතුයි අද රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩුවක් ගෙනියන්නේ. මේ නිසා අපට ආර්ථික වශයෙන් යම් යම් එකඟතාවන් මත ඉදිරියට යා හැක. එමෙන් ම බෙදුම්වාදි යුද්ධයත් අද අවසන් වී තියෙනවා. මෙම තත්ත්ව මත අපට ඉදිරියේදී චීනයෙන් ලබා ගන්නා ලද ආදර්ශයන් තුළින් විශාල විප්ලවීය වෙනසක් රට තුළ ඇති කිරීමට අවස්ථාව උදා වෙන බව කරුණාසේන කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසීය.

     


    මෙම අවස්ථාවට එක්වූ තරුණ කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා අමාත්‍යවරයා පැවසුවේ මෙම සංචාරයට මෙම තරුණ කණ්ඩායම එක් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අදහසින් බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙහිදී රට නියෝජනය කිරීම මෙන්ම චීන තරුණ තරුණියන්ට හොද අදහසක් ලබාදෙන අරමුණින් අපගේ නියෝජනය සිදු කිරීමට අත්‍යවශ්‍ය වන බවයි. එමෙන් ම නැවත ලංකාවට යන විට මේ රටේ දක්නට ලැබෙන දියුණුව, එමෙන් ම ඒ දියුණුව ලබා ගත් ආකාරය පිළිබඳ හොද දැනුමකින් යා යුතු අතර ඒ ඔස්සේ අපේ රට දියුණු කිරීමට ගතයුතු ක්‍රියා මාර්ග මොනවාද යන්න පිළිඳවද අවබෝධයක් ලබා ගත යුතු වන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya