මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    96 සමරමු..........

    මාර්තු 16, 2016
    ලෝක ක‍්‍රිකට් කිරුළ දිනා වසර 20 ක් සැපිරීම නිමිත්තෙන් “96 සමරමු......” යන මැයෙන් වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට  ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ක‍්‍රීඩා ඒකකය හා සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය සැලසුම් කරයි. 
    එම වැඩසටහන් මාලාව ආරම්භ කිරීමේ මාධ්‍ය හමුව අද පෙ. ව. 11. 30 ට වරාය සහ නාවික අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. 96 ජයග‍්‍රාහී කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, එම කණ්ඩායමේ ක‍්‍රීඩකයින් වන රොෂාන් මහානාම, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, චමින්ද වාස්, උපුල් චන්දන මෙන්ම එවකට ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ආනා පුංචිහේවා සහ එවකට සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණු අධ්‍යක්ෂ මැල්කම් පෙරේරා යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට එක් වේ.
     
    ලෝක ක‍්‍රිකට් කුසලානය දිනා ගැනීමේදී මුහුණදුන් අභියෝග සහ ලැබූ අත්දැකීම් මාධ්‍යවේදීන් සමග හුවමාරු කර ගැනීම මෙම මාධ්‍ය හමුව පැවැත්වීමේ අරමුණයි.
     
    මීට අමතරව වැඩසටහනේ ප‍්‍රධානතම අදියර වූ ”96 සමරමු - ක‍්‍රිකට් පුහුණු කඳවුර” 18 වැනිදා සිකුරාදා දෙහිවල කවුඩාන ශාස්ත‍්‍රානන්ද මහා විද්‍යාලයේදී පැවැත්වේ.
     
    දෙහිවල කවුඩාන ශාස්ත‍්‍රානන්ද මහා විද්‍යාලය අඩුපහසුකම් සහිත එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ජයග‍්‍රහණ රැසක් වාර්තා කළ පාසලකි. එම විද්‍යාලයේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 96 සමරමු - ක‍්‍රිකට් පුහුණු කඳවුරට යාපනය දිස්ත‍්‍රික්කයෙන් තෝරාගත් මූල්‍ය අපහසුතාවයෙන් පීඩාවිඳින ක‍්‍රීඩකයින් 20දෙනෙකුත්, පස්යාල නාඹුලූව බාබුසලාම් මුස්ලිම් මහා විද්‍යාලයේ 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමත් එක්වේ. සියලූ ජාතීන් නියෝජනය වනපරිදි සහ ජාතික සමඟිය සංකේතවත් වනපරිදි පැවැත්වෙන මෙම පුහුණු කඳවුර මෙහෙයවන්නේ 96 ජයග‍්‍රාහී කණ්ඩායමේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් වේ. මීට අමතරව යාපනය සහෝදරත්වයේ ක‍්‍රිකට් කණ්ඩායමේ කොළඹ සංචාරය, 96 සමරමු - අලුත් අත්දැකීමක්, 96 සමරමු - අනාගතය පැහැබරයි ප‍්‍රජා සත්කාරක ව්‍යාපෘතියද මෙම සමස්ත වැඩසටහනට අයත් වේ.
     
    1996 වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේ මාර්තු 17 වැනිදායි. එම ජයග‍්‍රහණය තරගාවලි ජයග‍්‍රහණයක් පමණක් නොවේ. එය මහා විප්ලවයක ප‍්‍රතිඵලයකි. එම පදනම මත 96 ජයග‍්‍රහණය අර්ථවත් ලෙස සැමරීම සේව් ද ස්පෝර්ට්ස් සංවිධානයේ සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ක‍්‍රීඩා ඒකකයේ අපේක්ෂාවයි. උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්හි ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නවෝදයක් ඇති කිරීම සහ කොළඹ අඩුපහසුකම් සහිත පාසල්වල ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුවට අතහිත දීමද 96 සමරමු වැඩසටහනේ දීර්ඝ කාලීන අරමුණකි. 96 කණ්ඩායම මෙන්ම ඔවුන්ගේ ජයග‍්‍රහණයට මහඟු මෙහෙයවරක් කළ සෙසු පුද්ගලයින් ඇගයීම සහ ඔවුන්ගේ අදහස් සමාජගත කිරීමද මෙම වැඩසටහනේ අපේක්ෂාවකි. වසර 20 යනතුරු තවත් ලෝක කුසලානයක් ශ‍්‍රී ලංකාවට දිනා ගැනීමට නොහැකි වූයේ ඇයිද යන්නද මෙම වැඩසටහනේදී සමාජීය අවධානයට යොමු කෙරේ. 
     
    ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ක‍්‍රීඩා ඒකකය, වරාය සහ නාවික අමාත්‍ය, හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයකට අනුව ඇති කරන ලද්දකි. දක්ෂ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අනුග‍්‍රහය දැක්වමින් ජාතික වගකීම් ඉටුකිරීම මෙම ඒකකයේ අරමුණයි.සේව් ද ස්පොර්ට්ස් ක‍්‍රීඩා සංවිධානය ස්වේච්ඡා පදනම මත ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා ක‍්‍රියාත්මක වන සංවිධානයකි. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya