මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා විශේෂ ගුවන් ගමන්

    පෙබරවාරි 06, 2016
    12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2016 සඳහා ශ්‍රී ලංකාවේ ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන යාම සඳහා  විශේෂ කුලී ගුවන් යානා (special charter flights) මාලාවක් කොළඹ සිට ඉන්දියාවේ ගුහාති ( Guwahati) නගරයට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම  පවසයි.  
    ඒ අනුව එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානා වලින් විශේෂ ගුවන් ගමන් වාර පහක් කොළඹ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මින් ගමන් වාර 2 ක් පෙබරවාරි මස 3,5  යන දිනයන්හිදී ක්‍රියාත්මකවු අතර ඉතිරි ගුවන් ගමන්  9,15 සහ 16 යන දින වලදී ක්‍රියාත්මක වීමට නියමිතය . එමගින් එක් ගුවන් වාරයකදී මගීන් 260 දෙනෙකු රැගෙන යාමට කටයුතු යොදා තිබේ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්,ජාතික ඔලිම්පික් කමිටු සමාජිකයින්, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සහ නිරීක්ෂකයින් ඇතුළු පිරිසක් රැගෙන යාමට නියමිතව ඇත. 
     
    කොළඹ සිට ගුවන් ගත කරන මෙම ගුවන් යානා පැය 3 ½ ක කාලයකින් පසුව ඉන්දියාවේ ගුහාති ජාත්‍යන්තර  ගුවන්තොටුපළට ලඟාවනු ඇත. 
     
    12 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දියාවේ ඇසෑම් සහ ශීලෝන් ප්‍රාන්තවල පිහිටි නගර වන ගුහාති සහ මෙගාලයා (Meghalaya) යන නගරවල පැවැත්වෙන අතර එය මෙම මස 6 වෙනි දා සිට සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය. දකුණු ආසියාතික රටවල් 08 ක් සහභාගී වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා  ක්‍රීඩා ඉසව් 23 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500 දෙනෙක් සහභාගී වීමට නියමිතයි. 
     
    දකුණු ආසියානු කලාපයේ දැවැන්තම ක්‍රීඩා උළෙල වන මෙය වසර 2 කට වරක් පැවැත්වේ.  ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, බංගලාදේශය, භූතානය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින ඇතුළු රටවල් 8 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී තරඟ වදී.
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya