අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියට රත්නපුරයේ වැඩ සටහන් රැසක්

    ජනවාරි 24, 2016

    ශ්‍රි ලංකාව තුළ සීඝ්‍රයෙන් ඉහල යන බෝ නොවන රෝග පිළිබඳ තත්ත්වය පාලනය කිරිම සඳහා ක්‍රිඩා අමාත්‍යංශය මගින් ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියක් නම් කර ඇත.මෙම සතිය ජනවාරි 25 වන දින සිට 30 වන දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

    මෙම ජාතික වැඩ සටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ප්‍රාදේශිය ලේකම් කාර්යාල 17 තුල වැඩ සටහන් සංවිධානය කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා විසින් සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබා දි ඇත.

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිලධාරින් සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහන තුල පෝෂණයේ වැදගත්කම පිළිබඳව දේශන,ව්‍යායාම පුහුණුව,භාවනා වැඩ සටහන්,මාර්ග ධාවන තරඟ,දක්ෂතා මැන බැලිමේ වැඩ සටහන්,අන්තර් ඒකක අතර සුහඳ ක්‍රිකට් තරඟාවලිය යන විවිධ වැඩ සටහන් වලින් සමන්විත වෙයි.

    AP/DMU-Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya