අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා පාසල් සිසුන්ට අනිවාර්යයි

    ජනවාරි 13, 2016
    පාසල් සිසුන්ගෙන් 12% ක් දියවැඩියාව හා අගාතය වැනි බෝ නොවන රෝගවලින් පෙලෙන බැවින් සියලුම පාසල්වල උදෑසන ශරීර  සුවතා වැඩසටහන් අනිවාර්ය කරන බව ක්‍රීඩා කටයුතු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 
    රජෙය් ප්‍රවෘත්ති දෙපාර්තම්න්තුවේ දී  පැවති ක්‍රීඩා හා ශරීර සුවතා ජාතික සතිය පිළිබඳ මාධ්‍ය අායතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ විශේෂ  මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. 
     
    සෑම පාසල් ශිෂ්‍යයෙක්ම ඒක් ක්‍රීඩාවක හෝ නිරතවීම අනිවාර්ය වන අතර පාසල් වාර විභාගවල දී ක්‍රීඩා සඳහා ලකුණු ලබාදීමක් ද සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය. 
     
    තවද, ක්‍රීඩාව සඳහා දිරිමත් කිරීමක් වශයෙන් සෑම අයතනයකම 5% ඉඩකඩක් ක්‍රීඩාවෙන් ඉහළට ගිය පුද්ගලයන් සඳහා වෙන් කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදි.
     
    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ,  නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ද ෙමම අවස්ථාවට සහභාගි වූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya