මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහිමතින් තුරන් වී ගිය තවත් දැවැන්තයෙක්

    ජනවාරි 13, 2016

    ලෝකයේ මෙතෙක් ජීවත්ව සිටි විශාලතම වානරයා ලෙස සැකෙන්නේ Blacki (Gigantopithecus blacki) නමින් හඳුන්වන යෝධ වානර විශේෂය ලෝකයෙන් වඳ වී යාම සිදු වූයේ අතිවිශාල ශරීරයක් තිබීම හේතුවෙන් බව මෑතක දී කළ පරීක්ෂණයකින් හෙළි වී තිබේ.

     

    තවමත් මෙම අත්භූත අතිවිශාල වානරයා පිළිඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ සුළු ප්‍රමාණයකි.ඔරං ඔටං වර්ගයට අයත් මෙම වානරයා සම්පූර්ණයෙන්ම සිටගත් විට උස අඩි 10 ක් (මීටර් 3ක්) පමණ වන අතර බර කිලෝ ග්රෑම් 270ක් පමණ බව සොයාගෙන තිබේ.

     

    මෙම වානරයින් වනාන්තර ආශ්‍රිතව දිවි ගෙවමින් ඒ තුළින් ආහාර සපයාගෙන ඇත. කාලයත් සමඟ වනාන්තර එළිපෙහෙළිවීමත් සමඟ මෙම අති විශාල සත්වයාට ප්‍රමාණවත් තරම් ආහාර හා ආරක්ෂාවීමට ඇති අවස්ථාව ක්‍රමක්‍රමයෙන් අඩු වූ බව නූතන විශ්ලේෂණයන්ගෙන් හෙළි වේ.

     

    එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යෝධ වානරයා මීට වසර ලක්ෂයකට පමණ පෙර වඳවීමට පත් වූ බව ජර්මනියේ Tubingen විශ්වවිද්‍යාලයේ පාෂාණිධාතු විද්‍යාඥ Herve Bocherens විසින් සිදු කළ පර්යේෂණයෙන් තහවුරු වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya